• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොල්දූව හන්දියේ උද්ඝෝෂණ කරපු විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්න විපක්ෂනායක සජිත් පැයක් යන්න මත්තෙන් පාර්ලිමේන්තුවට අරන් එයි! ප්‍රශ්නය විසඳන්න වහාම අපක්ෂපාතී කමිටුවක් පත්කරන්න! එතෙක් විශ්‍රාමිකයන්ට අන්තර්කාලීන දීමනාවක් දෙන්න! VIDEO I Sri Lanka Latest News

November 19, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

76 වසරක් පුරා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය තුළ රට ශක්තිමත් කරන්න සුවිශේෂී සේවාවක් කළ විශ්‍රාමික ප්‍රජාව අන්ත අසරණ වී ඇති බවත් වත්මන් රජය 2025 අදියර 3කින් කළ වැටුප් වැඩි කිරීම ක්‍රියාත්මක කරන විට රජයට මේ විශ්‍රාමිකයන් අමතක වූ බවත් 2020 සහ 2024 අතර විශ්‍රාම ගිය 154000ටම කිසිදු විශ්‍රාම දීමනා වැඩි වීමක් සිදු නොවන බවත් වත්මන් රජය මැතිවරණ සමයේ මේ විශ්‍රාමිකයන්ට ලබා දුන් පොරොනදු කඩ කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. Sri Lanka Latest News

මේ අයගේ ගැටලු ඉදිරිපත් කරන්න පවා රජය කාලය ලබා දී නොමැති බවත් මේ ගැටලුව විසදන්නට වෙනමම අපක්ෂපාතී කමිටුවක් අවශ්‍ය බවත් මෙය විසදන තෙක් අගතියට පත් මේ අයට අන්තර්කාලීන දීමනාවක් ලබා දීම සුදුසු බවට යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2025 වැටුප් වැඩි කිරිම අප්‍රේල් 1 වැනි දා සිට ක්‍රියාත්මක වුවත් මේ වැඩි කිරිම ජනවාරි සහ මාර්තු විශ්‍රාමිකයන්ට ගලපා ඇති නිසා සෙසු අයට ද මෙය ගලපා 2020 සහ 2024 අතර විශ්‍රාම ගිය අය අමතක කරන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් එවැනි දෙයක් නොකරන ලෙසත් මැතිවරණ දිනා බහුතරය දිනා මෙවැනි පොරොන්දු කඩ කිරීම් නොකරන ලෙසත් 2016 සහ 2020 අතර විශ්‍රාම ගිය 130000ක් සිටින නිසා මේ අයට ද ප්‍රධාන පත්‍රයේ ඇති විශ්‍රාම වැටුප ලබා දෙන ලෙසත් 2020 සහ 2025 ඇති හිග මුදල් ලබා දී විශ්‍රාම ගිය ප්‍රජාවට සහන සලසන ලෙසත් සානුකම්පිත වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම වැඩිහිටි විශ්‍රාමික ප්‍රජාවට ලක්ෂ 15ක තැන්පතුවට සීමාවන ආකාරයේ 15% පොලිය ද ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

උප්පැන්න විවාහ හා මරණ රෙජිස්ටාර්වරුන්ගේ දීමනා ආදිය වැඩි කර නිසි ඇගයීමක් ලබා දෙන්න

අප රටේ උප්පැන්න මරණ විවාහ රෙජිටාර්වරු 1500ක් උප්පැන්න මරණ රෙජිස්ටර්වරු 300ක් සහ අතිරේඛ විවාහ රෙජිස්ටාර්වරු 300ක් ඇතුළුව 2100ක් සිටින බවත් මොවුන්ට උපත් සහ මරණවලදී ගෙවන්නේ රු. 75ක් වුවත් එය රු. 300ක් කරන ලෙසට යෝජනා කරන බවත් සෑම උපතකට සහ මරණයකට සහතික 3 බැගින් දිය යුතු අතර නාගරික බල ප්‍රදේශවල කාර්යාල දීමනාව රු.1500ක් සහ ග්‍රාමීයව රු. 700ක් වන අතර තීන්ත දීමනාව ලෙස රු. 350ක් දෙන බැවින් මේ කාර්යාල දීමනාව නාගරික රු. 5000ක් සහ ග්‍රාමීය ප්‍රදේශවල රු. 3000ක් ද තීන්ත දීමනාව රු. 2000ක් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පැය 24ම වසර 30ක් 40ක් ‌සේවය කළත් පැහැදිලි ඇගයීමක් නැති නිසා කරුණාසහගත දීමනාවක් ලබා දෙන ලෙසත් 1864 දී රෙජිස්ටර් ජෙනරාල් කාර්යාලය විවෘත වන විට විවාහ වන විට රෙජිස්ටාර්වරයා විසින් විවාහ වන අයට තුටු පඩුරු දුන් බවත් මේ ක්ෂේත්‍රය ගැන පියවර ගෙන දිවයිනට බලපාන ආකාරයට උසාවියේ දිවුරුම් දී රටේම සාමවිනිසුරුවන් බවට පත් කරන ලෙසට ඉල්ලා සිටින බවත් 2025 ජූලි 4 වැනිදා කැබිනට් පත්‍රිකාවක් හරහා මේවා කරනවා යැයි කිව්වත් රජයට මේ දේ කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රජා ශක්ති වැඩසටහන තුළින් ග්‍රාම නිලධාරින් ඉවත් කර එහි බලය ජවිපේ නියෝජිතයන්ට දීලා

ග්‍රාම නිලධාරී ක්ෂේත්‍රයේ ගැටලු රාශියක් ඇති බවත් මොවුන්ගේ සේවා ව්‍යවස්ථාව ගැසට් කළත් බලාත්මක කරන ගැසට්ටුවක් නිකුත් කර නැති බවත් සේවා ව්‍යවස්ථාවට ග්‍රාම නිලධාරීන්ගේ කාර්යාලගත සහ ක්ෂේත්‍රගත වැටුප් තවමත් ලබා දී නොමැති නිසා ඒ යුතුකම ද ඉටු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුගිය රජය ග්‍රාමනිලධාරීන්ගේ ක්ෂේත්‍ර කටයුතු සදහා මාසික ඉන්දන ලීටර් 20ක් ලබා දීමට තීරණය කළත් වත්මන් රජයේ මංගල අයවැයෙන් කප්පාදු කර ඇති බවත් ඒ යුතුකම ඉටු කරන ලෙසත් බොහෝ ග්‍රාමනිලධාරීන් අස්වැසුමෙන් බැහැර කර ඇති බවත් ප්‍රජා ශක්ති වැඩසටහනේදී පවා ග්‍රාම නිලධාරින් පැත්තකට දමා ජවිපේ සාමාජිකයන් මූලික කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට සමීප පළාත් පාලන ආයතන රැසක ගැටලු පවතිනවා. රජයෙන් කඩිනම් විසදුම් අවශ්‍යයි

පළාත් පාලන ආයතන ක්ෂේත්‍රයේ බරපතල ගැටලු රැසක් ඇති බවත් වැටුප් ගෙවීම්වලින් පුනරාවර්ථන වියදම් 20%ක් දරන්න යැයි රජය කියන බවත් මේ ගැන ජවිපේ සභාපතිවරුන්ගේ අසා සත්‍ය දැන ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ලබන වසරේ 40%ක් සහ නැතව 60%ක් දක්වා වැඩි කිරිම නිසා පළාත් පාලන ක්ෂේත්‍රය කඩා වැටෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එසේම සමගි ජන බලවේගය සහ විපක්ෂය සභාපතීත්වය දරන පළාත් පාලන ආයතනවල ගැටලු රැසක් ඇති බවත් සමහර නිලධාරින්ගෙන් ලැබිය යුතු සහයෝගය නොලැබෙන බවත් ඒ සදහා රජය මැදිහත් වී පළාත් පාලන ක්ෂේත්‍රයේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින ලෙසත් මෙය පොදු ජනතාවට සමීප ක්ෂේත්‍රයක් නිසා මෙහි ඇති ගැටලු විසදන ලෙසත් හිතමාතම පළාත් පාලන ක්ෂේත්‍රය අඩපන කිරීමක් සිදු වන්නේ ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ත්‍රීකුණාමලයේ ඇති වූ සිදුවීම වැනි සිදුවීම් නැවත රටේ ඇති වෙන්න හොඳ නැහැ

ත්‍රීකුණාමලයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම ගැන කතා කිරීමේ දී බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී පෝෂණය කර ප්‍රවර්ධනය කිරිම රටේ උත්තරීතර නීතිය බවත් විවිධ අයට විවිධ මතිමතාන්තර තිබුණත් රටේ උත්තරීතර නීතියට ගරු කළ යුතු බවත් ඒ වගේම අනෙකුත් සියලුම ආගම් සුරක්ෂා වන ආකාරයට නිසි තැන නිසි ආකාරයට සලකන යුගයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ තත්ත්වය තුළ සංහිදියාවට මුල් තැන ලබා දිය යුතු බවත් මේ තුළින් ජාතිවාදය ආගම්වාදය බෙදීම් ඇති කරන්න විවිධ පාර්ශ්ව බලාගෙන සිටින බවත් ඔවුන්ට එවැනි දේශපාලන අරමුණු තිබුණත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් සිතිය යුතු බැවින් ජනාධිපතිවරයා විසින් ජාතික ඒකාග්‍රතා කමිටුවක් ස්ථාපිත කර මෙවැනි තත්ත්වයන් මතුවට නිර්මාණය වන්නට නොදී කටයුතු කිරීමත් විධිමත් විසදුම් ලබා දීමත් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හින්දු ඉස්ලාම් කතෝලික ආගමික සිද්ධස්ථානවල මෙවැනි අර්බුධ ඇතිවන විටත් ඒ වෙනුවෙන් තමා කතා කළ බවත් ආගමික සංහිදියාව එකමුතුකම පවත්වාගෙන යා යුතු බවත් ජාතිවාදය අතහැර සත්ජාතිකත්වය සිය ප්‍රතිපත්ති බැවින් රජය මැදිහත් විය යුතු බවත් මෙවැනි ගැටලුවක් ඇති වන විට හොයා බලන්න ප්‍රාදේශීය ලේකම්වරුන්ට යුතුකමක් තිබුණු බවත් ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මේ ගැටලු විසදන්න කටයුතු කළා ද කියා සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රටේ නීතිය ක්‍රියාත්මක කිරිම රජයේ වගකීම බවත් විපක්ෂයේ දේශපාලනය රජයෙන් අපේක්ෂා නොකරන බවත් රජයෙන් උත්තර අපේක්ෂා කරන බවත් මේ උත්තර නොදී ජනතාව මංමුලා නොකරන ලෙසට ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

කොරෝනා කාලේ.. රට බංකොලොත් කාලේ පෙන්ෂන් ගිය 154,000කට ලොකු අසාධාරණයක් වෙලා! ඒ විශ්‍රාමිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා! ජනපති දීපු පොරොන්දුව ඉටු කරන්න! පොල්දූව හන්දියේ උද්ඝෝෂණ කරන විශ්‍රාමිකයන් මැද්දට විපක්ෂනායක සජිත් යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

නාමල්ගේ උපාධිය ගැන සමාජ මාධ්‍යයේ යන කතාව ඇත්තක්ද? I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.