අප රට දැවැන්ත අභියෝග රැසකට මුහුණ දෙමින් ඛේදවාචකයන් රැසක් සිදුව ඇති මොහොතක අපේම සහෝදර ජනතාවගේ ජීවිත දේපල හා නිවාස අහිමි වී ඇති මොහොතක මේ නිර්මාණය වී ඇති දැවැන්ත ආපදා තත්ත්වය තුළ අප රටේ ප්‍රමුඛතව විය යුත්තේ කැබ් රථ 1775ක් සදහා රු. මි. 12500ක් වෙන් කිරීම නොව එම අරමුදල්උපයෝගී කර ගෙන විපතට පත් ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කර රටට අහිමි වූ යටිතල පහසුකම් ලබා දීම බවත් ඊට අමතරව ජනතාවගේ අහිමි වූ ජීවනෝපාය සවිබල ගන්වා විපතට පත් ජනතාව මුහුණ දෙන අභියෝගාත්මක ප්‍රශ්නවලට උත්තර සැපයීම නිසා මේ මුදල් ඒ සදහා උපයෝගී කර ගන්නා ලෙස රජයට යෝජනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මේ වන විට දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය නිසා අවතැන් වූ ජනතාවගේ සුවදුක් සොයා බැලීමේ අරමුණින් එම ජනතාව නැවතී සිටින සහන සේවා කදවුරු වෙත ගියා අවස්ථාවේ දීය.මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කඩුවෙල කොතලාවල විද්‍යාලයට, සංඛපිටිය විහාරස්ථානයට,කඩුවෙල හේවාගම අභිනවාරාම විහාරස්ථානයට, කොරතොට, නවගමුව ශ්‍රී අශෝකාරාමය, බෝමිරිය ප්‍රදේශය කණිෂ්ඨ විද්‍යාලය ඇතුළු විද්‍යාල රැසකට පැමිණියේය.
විපක්ෂයක් ලෙස අයවැය සාකච්ඡාවට ලක්කරන මොහොතේ මේ මුදල් විපතට පත් බල ප්‍රදේශවලට ජනතාවගේ යහපත උදෙසා යොමු කිරීමට එම අයවැය යෝජනාව වෙනස් කරන්න සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.
පරිපූරක ඇස්තමේන්තුවක් හරහා මුදල්වෙන් කරන්න සහාය දෙන්නම්
ඊට අමතරව කඩාවැටුණු ගරා වැටුණු ප්‍රදේශ ජන ජීවිතසුරක්ෂිත කරන්න අමතර මුදල් ගන්න රජය පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන එන්නේ නම් සහයෝගය ලබා දෙන බවත් අප රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් නිසා ඒ ආධාරක සමුළුව කැදවා ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා විපක්ෂයක් ලෙස සක්‍රීයව දායකත්වය ලබා දී රටට අවශ්‍ය අරමුදල් සොයා ගැනීමට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේද පසෙකලා කඩා වැටුණු ගරාවැටුණු ජන ජීවිත සුරක්ෂිත කර ස්වයං රැකිය ව්‍යාපාර ධීවර ආදී ජීවනෝපායවල නියැලුණු ජනතාවගේ ජන ජීවිත සුරක්ෂිත කරන්න එකා මෙන් අත්වැල් බැදගෙන කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.










