විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සිංගප්පූරුවේ කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වන කිෂෝර් මහබුබානි මහතා අතර විශේෂ හමුවක්, සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ආසියානු පර්යේෂණ ආයතනයේදී සිදු වුනා.Sri Lanka Latest News
එහිදී ප්‍රතිපත්ති සම්පාදනය, රාජ්‍ය පාලනය සහ සාමය ගොඩනැගීම යන මාතෘකා මූලික කර ගනිමින් අදහස් හුවමාරු කර ගැනීම සිදුවුනා.
සිංගප්පූරුවේ ආර්ථික පරිවර්තනය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම යන දෙඅංශය, ශක්තිමත් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව මෙහි සිහිපත් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ, සිංගප්පූරුවේ අත්දැකීම්වලින් ශ්‍රී ලංකාවට ද සුවිශේෂී පාඩම් රැසක් උගත හැකි බවයි.
ඵලදායී හා ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති සකස් කිරීමේදී හා පුද්ගල ධාරිතා සංවර්ධනයේදී ශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයන්, විශේෂයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ තම විශේෂඥතාව බෙදා ගැනීමට එක්වන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිෂෝර් මහබුබානි මහතාගෙන් මෙහිදී ඉල්ලා සිටියා.
කිෂෝර් මහබුබානි මහතා එක්සත් ජාතීන්ගේ සිංගප්පූරුවේ නිත්‍ය නියෝජිතයා ලෙසත්, අවස්ථා දෙකකදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර ඇති අතර, ඔහු සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ලී ක්වාන් යූ මහජන ප්‍රතිපත්ති පාසලේ ආරම්භක පීඨාධිපතිවරයාද වනවා.














