පොහොසත් රටක් ලස්සන ජිවිතයක් රටට පොරොන්දු රටත් ජන සමාජයත් මිලේච්ඡත්වයට මිනිමරු සංස්කෘතියකට ඝාතන සංස්කෘතියකට යොමු වෙමින් ඇති අවස්ථාවක අදටත් මේ ඝාතන රැල්ල රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද කියා තවමත් පිළිනොගන්නේද කියා රජයෙන් ප්‍රශ්න කර සිටින බවත් මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන විට එය බැහැර කරන්න රජය කටයුතු කළ බවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතියේ ආධිපත්‍ය සහ යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ඉතාම වැදගත් අංශ වුවත් අද වන විට නීතිය වල්බිහි වී කැලැ නීතිය ක්‍රියාත්මක වී මහජන නියෝජිතයන්ට මහජන දිනයක් හරහා තමන් පත් කළ ජනතාවට සේවය කළ නොහැකි වතාවරණයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
මේකද රජය පොරොන්දු වූ පුනරුදය
ලසන්ත වික්‍රමසේකර යනු වැලිගම ප්‍රාදේශිය සභාවේ මිදිගම බටහිර කොට්ඨාසයේ 67.3%ක ඡන්ද ලබා ගෙන විවිධ අභියෝග මැද වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස විපක්ෂයේ සියලු දෙනා එකතු වී නායකත්වය ලබා දුන් කෙනා බවත් ඔහුට සිය රාජකාරිය ඉටු කරන විට වෙඩි පිට වෙඩි පහරවල්වලට ලක්ව ඔහු ඝාතනය කර ඇති බවත් මේ ඝාතන රැල්ල මිනිමරු රජදහන නිර්මාණය වීම දෙස බලන විට 2025 ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 20 වැනිදා වන විට වෙඩිතැබීම් 101 සහ මරණ 52ක් සහ තුවාල ලැබූවන් 56ක් ඇති බවත් මෙය රජය පොරොන්දු වූ පුනරුදය ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ තරම් දෙයක් වෙනතුරු පොලිසිය මොකද්ද කළේ?
ලසන්ත වික්‍රමසේකර මහතා 2025. 08. 29 දින සිය ජීවිත ආරක්ෂාව සපයා ගැනීමට පොලිස්පතිවරයාට ලියන බවත් එවිට පොලිසිය අවධානයෙන් කටයුතු කරන ලෙස පවසන බවත් අධිකරණයට පැමිණෙන අවස්ථාවකදී හෝ ප්‍රාදේශීය සභාවට යන විට ඝාතනය කරන්න සැලසුමක් ඇති බවට දිවුරුම් ප්‍රකාශයක් සමග යොමු කර ඇති බවත් සුදුසු ආරක්ෂාවක් ඉල්ලා ඇති බවත් මෙවැනි තත්ත්වයක් තිබියදී රජය මොහුගේ ආරක්ෂාව සපයන්න අපොහොසත් වී ඇති බවත් එයට හේතු කවරෙද් කියා ප්‍රශ්න කරන බවත් පාතාල කල්ලි කුඩු කල්ලි මැර කල්ලි මිනිමරුවන් හා ඝාතකයන් මර්දනය කරන්න රජය සමත් වී ඇත්නම් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන්ට තමන්ගේ සභාවේ ජනතාවට සේවය කරන්න නිදහසක් තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වැලිගම ප්‍රාදේශිය සභාපතිගේ මරණයට රජය සෘජුවම වගකිව යුතුයි
මේ ප්‍රාදේශීය සභාවේ බලය ගද්දි මන්ත්‍රිවරු දෙපලක් බලහත්කාරයෙන් රැගෙන ගොස් තර්ජනය කළා යැයි කියූ බවත් ඒ සියල්ල බොරුවක් බවට පසුව අනාවරණය වූ බවත් ඉන් පසු තවත් මන්ත්‍රීවරයකුට වෙඩි තිබ්බා යැයි පැවසුවත් එයත් බොරුවක් බවත් ආණ්ඩුවේම අය වෙඩි තිබ්බ බවට එම මන්ත්‍රිවරයා සැකකරන බවට දුරකථන සංවාදයන් තුළින් අනාවරණය වූ බවත් වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂයට වැඩි ප්‍රමාණයක් තිබිය දී එය පැහැර ගන්න ආණ්ඩුව කටයුතු කළ ආකාරය පෙනි යන බවත් මේ ප්‍රාදේශීය සභාපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් රජය වගකීම බාර ගත යුතු බවත් මේස අරන් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති දෙනවා කිව්වත් අද ඒ අයත් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
පාතාලය මර්දනය කරන්න අපි උපරිම ශක්තිය ලබා දෙනවා
අද ජනතාවගේ නිදහස අහිමි වී ජීවත් වීමේ අයිතිය පාව නැති වී ඇති බවත් මේ රජය පාතාල කල්ලි හරහා මිලේච්ඡත්වය මිනිමරු සංස්කෘතිය ප්‍රවර්ධනය කර ඇති බවත් මේ මැර දේශපාලනය පාතාල දේශපාලනය කුඩු දේශපාලනය අනුමත නොකරන බවත් අද මඩ බලකා හරහා විපක්ෂයේ දේශපාලනය තුළ මැර දේශපාලනය ඇති බවට පෙන්වීමට කටයුතු කරන බවත් මේ මඩ සහ මේ මිනිමරු දේශපාලනය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් මේ මිනිමරු සංස්කෘතිය විනාශ කරන්න නීති ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙසත් ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
අද මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව අනතුරේ
එසේම පාතාල කල්ලි මර්දනය කිරීමේ මුවාවෙන් විපක්ෂය මර්දනය කිරීම නැවැත්විය යුතු බවත් ආණ්ඩුව මහජන දින පවත්වන්නේ නැති වුවත් විපක්ෂය එය සිදු කරන බවත් අද විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව අහිමි කර ඇති බවත් මන්ත්‍රීවරුන්ට තම මහජන යුතුකම හා වගකීම ඉටු කරන්න රැකවරණය දෙන්න යැයි පැවසුවත් තවමත් එයට විසදුමක් නැති බවත් මෙයට පිළිතුරක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.









