• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිළිඳුකම පිටු දකින්න නව ජාතික වැඩසටහනක්! බැංකු පද්ධතිය සුරකිමින් පරාටේ නීතිය තාවකාලික අහෝසියි! සෘජු විදේශ ආයෝජන දිරිමත් කරන්න One Stop Shop..! නොවෙනස් ස්ථිර ස්වාධීන දූෂණ විරෝධී ප්‍රතිපත්තියක්! සජබ ආණ්ඩුවකදී රට ගොඩගන්න ප්‍රතිපත්ති විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

February 21, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
රජයේ රෝහල් පෞද්ගලීකරණය කරන්න යනවද? නිදහස් අධ්‍යාපනය අහෝසි කරන්න යනවද? IMF එකට දුන්නු පොරොන්දු කෝ? හොර ගිවිසුම් ගහලා! හොර කොන්දේසිවලට අස්සන් තියලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රට බංකොලොත් කර රට විනාශ කර කෝටි ප්‍රකෝටිපතියන්ට බදු සහන ලබා දී රාජ්‍ය ආදායම දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 12% සිට 8% දක්වා අඩු කර රටම මළ ගෙයක් කළේ වත්මන් රජය බවත් එම මළ ගෙදර ද බූරු ගගහ තවත් මළ ගෙවල් නිර්මාණය කළේ වත්මන් රජය බවත් අන්ත දූෂිත ඖෂධ ගණුදෙනු ක්‍රියාත්මක කළ ඇමතිවරයා වෙනුවෙන් නැගි සිටියේ වත්මන් රජයේ 113 දෙනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සමගි ජන බලවේග සමගි ජන සන්ධාන රජයක් තුළ රටට ලබා දෙන විසඳුම් සහ උත්තර කිහිපයක් සම්බන්ධයෙන් රටත් ජනතාවත් සභාවත් දැනුවත් කරන බවත් මේ ක්‍රමවේද හරහා රට වැටි ඇති තැනින් ගොඩ ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

දිළිඳුකම පිටු දකින්න නව ජාතික වැඩසටහනක්

මෙරට දුප්පත් ප්‍රජාව ලක්ෂ 30 සිට ලක්ෂ 70 දක්වා වැඩි වී ඇති විට රටේ හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත්කමින් පීඩනයෙන් අසහනයෙන් තෙරපී මිරිකී ඇති මොහොතක රට පාලනය කරන නායකයෝ හදවතේ යම් කිසි තෙතමනයක් තියාගෙන පොදුජන ජනතාව විදින දුක කදුලු වේදනාවට පැහැදිලි විසදුමක් ලබා දීමේ නව දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක අවශ්‍යතාවක් ඇති බවත් හුදෙක් එය මුදල් පරිත්‍යාගයකට පමණක් සීමා නොවී දුප්පත් ප්‍රජාවගේ පාරිභෝජනය, ආයෝජනය, ඉතිරිකිරිම, නිෂ්පාදනය ආදි කරුණු කේන්ද්‍ර කර ගෙන නව දුප්පත්කම තුරන් කිරීමේ ජාතික වැඩසටහනකට මුල පුරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අස්වැසුම ක්‍රියාත්මක කර ඇත්තේ දරිද්‍රතා රේඛාව හදුනා ගැනීමටත් පෙර නිසා එය විද්‍යාත්මක නොවන අසාර්ථක වැඩසටහනක් නිසා මුදල් බෙදාදීමෙන් ඔබ්බට ගියා ජීවනෝපාය ආදායම් ලබා දෙන වැඩසටහනක්, සවිබල ගැන්වීමේ වැඩසටහනකට මුල පිරිය යුතු බවත් එය ජාතික වැඩපිළිවෙළක් බවට පත් කරන බවත් තොරතුරු හා දත්ත මත පදනම්ව විද්‍යාත්මකව ජන සවියෙන් පාඩම් ඉගෙන ගත් ජන සවියෙන් ඔබ්බට ගියා දැවැන්ත ව්‍යාපාරයක් වන බවත් එය මැතිවරන පොරොන්දුවක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බැංකු පද්ධතිය සුරකිමින් පරාටේ නීතිය තාවකාලික අහෝසි කර ව්‍යාපාරිකයන් බේරා ගන්නවා

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දිගින් දිගටම කතා කරන විට ආණ්ඩුවේ සමහරු හිනා වූ බවත් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 50%ක මෙන්ම රැකියා නියුක්තියෙන් 52%ක වඩා වැඩි දායකත්වයක් ලබා දෙන ආර්ථික ඩයිනමෝවට විරද්ධව ආණ්ඩුව කතා කළ බවත් පරාටේ නීතිය තාවකාලික විරාමයකට අහෝසි කිරීමට හෝ නොහැකි බවට ආණ්ඩුවේ පිළිතුර වූ බවත් ආණ්ඩුව පමා වෙන හැම මොහොතක් පාසා ව්‍යාපාර වැසී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ සංඛ්‍යාලේඛන අනුව ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 59,100ක් තාවකාලිකවත් තවත් ව්‍යාපාර 204,100ක් ස්ථිරව වැසී ගොස් ඇති බවත් කාන්තා ව්‍යවසායකයින් සතු ව්‍යාපාර 10,700ක් ද 27,600ක් ස්ථිරව වැසී ගොස් ඇති බවත් 2018 වසරට සාපේක්ෂ 2023 වසර වන විට මධ්‍ය පරිමාණ ව්‍යාපාර 48.3%ක් වැසී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව මේ අවස්ථාවේ සිදු කරන්නේ දේශපාලන උප්පරවැට්ටියක් වුවත් සමගි ජන බලවේග රජයක් තුළ මෙම ව්‍යාපාරිකයන් නැවතත් හිස ඔසවන තෙක් සීමාසහිත කාලයක් තුළ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් බැංකු පද්ධතිය සුරක්ෂිත කිරිමට ජාතයන්තර මූල්‍ය ආයතනවලින් ආධාර ලබා ගෙන බැංකු පද්ධතිය ශක්තිමත් කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සෘජු විදේශ ආයෝජන දිරිමත් කරන්න One Stop Shop සංකල්පය

අප රට බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට නම් සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කළ යුතු බවත් විදේශ ආයෝජකයන්ට එක් ආයතනයක් හරහා සියලුම අනුමත කිරීම් ලබා දෙන ආයෝජන හිතෛශී ව්‍යූහයක් වන ‘One Stop Shop’ නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අප රටේ අපනයන සංවර්ධන මණ්ඩලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුදු අලියෙක් බවත් ඉන් ඉටුවන කාර්යය ඉටු නොවන බවත් සමගි ජන බලවේග රජයක් තුළ ආයෝජන ආකර්ෂණය කරන රටවල්වල තානාපතිවරුන්ට ඉලක්ක ලබා දී කටයුතු කරන බවත් අසාර්ථක නම් ඉවත් කර සාර්ථක පුද්ගලයන් යොමු කර දත්ත කේන්ද්‍රීයව කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නොවෙනස් ස්ථිර ස්වාධීන දූෂණ විරෝධී ප්‍රතිපත්තියක්

එසේම දුෂණ විරෝධී වැඩපිළිවෙළ වත්මනේ ක්‍රියාත්මක වන ආකාරය ගැන සතුටු විය නොහැකි නිසා එය අණ පනත් හරහා නොව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පහසුවෙන් වෙනස් කළ නොහැකි මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය මෙන් වෙනස් කළ නොහැකි ක්‍රමවේදයක් හරහා දූෂණ විරෝධි වැඩපිළිවෙළ ස්ථාපනය කරන බවත් ස්වාධීනව, බලපෑමෙන් තොර ආයතන බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙරට බංකොලොත්භාවයට වගකිවයුතු පුද්ගලයන් කවුරුන්ද කියා අනාවරණය වී ඇති හෙයින් මෙම පුද්ගලයන් නිසා මූලික අයිතිවාසිකම්කඩ වූ පුද්ගලයන්ට වන්දි ලබා ගත හැකි වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් ඉන් නොනැවතී මෙරටට අහිමි කළ දේපල සම්පත් හොරා කැ අරමුදල් හා සල්ලි නැවත රටට ලබා ගෙන එම මුදල් රටේ දියුණුව වෙනුවෙන් යොදා ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ඉන්දියාවෙදි කරපු කතාවට කියපුවට-අමාත්‍යංශය ඉස්සරහා උද්ඝෝෂණ කළාට හරීන් පාර්ලිමේන්තුවේදී උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කඩුවෙල අධිකරණය නිදහස් කරන්න නියෝග කළ වැලිවිට සුද්දාගේ වාහන CIDයේ වත්කම් විමර්ශන ඒකකයට බාර දෙන ලෙස හෝමාගම අධිකරණයෙන් නියෝග කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.