• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර යාපනේ ගිහින් කරපු කතාවට විපක්ෂනායක සජිත් ප්‍රතිචාර දක්වයි! අන්තවාදය වැපිරීමක්! I Sri Lanka Latest News

January 19, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

අප රටේ ආණඩුක්‍රම ව්‍යවස්ථාවෙ සදහන් උත්තරීතර නීතියට අනුව බුද්ධ ශාසනයට සුවිශේෂී තැනක් ලැබෙන බවත් එහි සදහන් ආකාරයට බුදු දහම ආරක්ෂා කිරීම සුරක්ෂිත කිරීම හා රැක ගැනීම සිදු කිරිමත් සෙසු ආගම් හා සංස්කෘතීන්ට නිශ්චිත නියමිත ආරක්ෂාව හා රැකවරණය ලබා දී ඇති බවත් සෑම විටම මේ රට සෛරීත්වය භෞමික අඛණ්ඩතාව ඒකීයභාවය රැක ගනිමින් සහෝදරත්වය සංහිදියාව ප්‍රවර්ධනය වන වැඩපිළිවෙළක් සැවොම ක්‍රියාත්මක කර ඉදිරියට ගෙන යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

එහෙත් පසුගිය දිනක ජනාධිපතිවරයා ප්‍රකාශ කරන කරුණක් ලෙස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකර ඉන් ඔබ්බට ඇති ආගමික සිද්ධස්ථානය වන්දනා මානය කිරීම වෛරය ඇති කරන සිදුවීමක් බවත් ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයේ තරයේ හෙළා දකින බවත් රට පුරා විහිදී ඇති බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනා කිරීමේ අයිතිය ඇති බවත් ඒවා සිදු වන්නේ වෛරය මුල් කර ගෙන නොවන බවත් සොලොස්මස්ථාන වන්දනාමාන කරන විට අප රටෙ විහිදී ඇති බොහෝ ප්‍රදේශවලට යන්න ජනතාව පෙළඹෙන බවත් ආගම් භේදයෙන් තොරව බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනා කරන බවත් උතුරේ සිට කැබිලිත්ත වන්දනා කරන්න එන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රිස්තියානි කතෝලික සිද්ධස්ථාන පවා වන්දනා කරන මොහොතක ආගමික කටයුතුවල නිරතවන විට කිසිදින වෛරය මුදුන් පත් වනවා යැයි නොසිතන බවත් සෑම කොටසකම කුඩා අන්තවාදී කොටස් සිටින බවත් ඔවුන්ට තැනක් නොමැති බවත් බුදුදහමට අනුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමන කරන ජනතාව සිටින අප රට තුළ අන්තවාදයට තැනක් නැති බවත් අන්තවාදය නිර්මාණය වන මෙවැනි ප්‍රකාශද සිදු නොවිය යුතු බවත් ප්‍රදේශය පළාත කුමක් වුවත් ආගම් කටයුතු වෛරය මුදුන් පත් කර ගෙන සිදුවන බවට ප්‍රකාශ කිරීම වැරදි බවත් මෙය අන්තවාදීන්ට උඩගෙඩි දෙන ප්‍රකාශයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවබෝධ කර ගත යුතු බවත් බුද්ධ ශාසනයට ලබා දී ඇති සුවිශේෂී තැන හා ප්‍රමුඛස්ථානයට පටහැනි ප්‍රකාශ සිදු නොකළ යුතු බවත් සෙසු ආගම් හා සංස්කෘතිය ද රැකගත යුතු බවත් මේ එකමුතුභාවය සංහිදියාව සුරක්ෂා වන ලෙස කටයුතු කළ යුතු බවත් ඒ තුළින් සුරක්ෂිත රටක් බිහි වන බවත් මේ හරහා ජාතික ආරක්ෂාව තහවුරු වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රටේ බෙදීම්වලට මුල්වන කරුණු ඉස්මතු නොකළ යුතු බවත් කුඩා කාලයේ සිටම සියලු ආගම්වලට ගරු කරන ලෙස දෙමාපියන් උගන්වා ඇති නිසා ඒවාට ගරු කළ යුතු බවත් මේවා මුල් කර ගෙන සමාජ වෛරයක් නිර්මාණය කර දේශපාලනය තුළ රැකිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

විගණන වාර්තා නිකුත් කිරීම-විගණන විමසුම් යැවීම නතර වෙලා! විගණකාධිපතිවරයා නැතිව දැන් මාස 10ක්! I Sri Lanka Latest News

Next Post

ඩාවෝස් ආර්ථික සමුළුවට සහභාගී වෙන්න හරිනි අද උදේම ස්විට්සර්ලන්තයට යයි! I Sri Lanka Latest News

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.