මහජන ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවට ලක්වන මේ අවස්ථාවේ විෂය භාර අමාත්‍යවරයා අදාළ කරුණු කාරණා ඉදිරිපත් කළේ මහපොළොවේ සිටගෙන ද කියා ගැටලුවක් ඇති බවත් දිට්වා ව්‍යසනයෙන් විපතට පත් අයට සහනාධාර දුන් ආකාරය කිව්වත් ටකරමක් ගියත් රු. මිලියනයක්, නිවාස හානිවලට මිලියන 5ක් සහ ඉඩම සහ නිවස නැති අයට කෝටියක් දෙන පැවසූ ජනාධිපතිවරයාගේ පොරොන්දු කීයක් ඉටු කළාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ආපදාව නිසා මොරගහකන්දේ පාලමක් කැඩි ඇති බවත් ඊට අමතරව තවත් පාලම් රැසක් කැඩී ගියත් ප්‍රතසංස්කරණය නොවීම, උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය තවමත් ක්‍රියාත්මක නොවීම වැනි ගැටලු ඇති මොහොතක මහජන ආරක්ෂාව ගැන මේ අවස්ථාවේ කතා කළත් තවමත් වත්මන් රජයට මහා භාණ්ඩාගාරය ආරක්ෂා කර ගැනීමට නොහැකි වි ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News
මුදල් අමාත්‍යාංශයෙන් ඇ. ඩොලර් ලක්ෂ 25ක් රටට අහිමි වූ බවත් සයිබර් ආරක්ෂාව ගැන රජය පැහැදිලි කළ යුතු බවත් මේ සිදුවීම සිදුවී දවස් ගණනාවක් ගත වී ඇති මොහොතක මුදල් කමිටුව රැස්වී සාකච්ඡා කළ කරුණු අනාවරණය කිරීම නවතා ඇති බවත් රාජ්‍ය පාර්ශ්වයේ විරෝධය මත මේ කරුණු සඟවා ඇති බවත් මුදල් කමිටුවට මුදල් ලේකම්වරයා පැමිණ ලබා දුන් උත්තර ආදිය සඳහන් වීඩියෝ ජනතාවට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මුදල් කාරක සභා වාර්තා සහ වීඩියෝ මාධ්‍යයට නිකුත් කරන්න
මීට අමතරව නලින්ද ජයතිස්ස මහතා පවසන ආකාරයට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඇ. ඩොලර් ලක්ෂ 6ක් අහිමි වීම, අස්වැසුම සහනාධාරය දෙවරක් ගෙවීම ආදිය සිදුව ඇති බවත් අද රටේ බරපතල පොහොර හිඟයක් පැවැතියත් ඒවාට ද රජයෙන් උත්තර නොමැති බවත් ඒ නිසා දැන්වත් මුදල් කාරක සභා වාර්තා සහ වීඩියෝ එළියට දාන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයේ බදු ප්‍රතිපත්තිය දේශීය නිෂ්පාදකයන්ට අහිතිකර ලෙස බලපානවා
ආණ්ඩුව IMF සමග ඇතිකර ගත් එකගතා අනුව සෙස් සහ පැල් බදු ඉවත් කරන විට HS කේත 2600කට බලපාන බවත් මෙය දේශීය කර්මාන්තකරුවන්ට නිෂ්පාදකයන්ට බලපාන බවත් අප රටේ කර්මාන්තවලට රජයක් ලෙස විරුද්ධ ඇයි කියා ප්‍රශ්න කරන බවත් 2026 සහ 2029 අතර සම්පූර්ණයෙන් සෙස් සහ පැල් ඉවත් කරන්න එකග වී ඇති බවත් රටට මුල් තැන දෙන රජය කරන්නේ මේවා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නුවරඑළියේ මීටින් තිබ්බට රජය වතු ජනතාව ගැන සොයා බලන්නේ නැහැ
තමා වතු ප්‍රජාවගේ වේතන වැඩි කිරිමට විරුද්ධ බවට රජයෙන් බොරු කතා ප්‍රචාරය කළ නමුත් මේ වන විට වතුකරයේ ජනතාවට විරුද්ධව සිදුවීම් රැසක් වාර්තා වන බවත් කහවත්ත, මස්කෙළිය, නුවරඑළිය යන ප්‍රදේශවල වතුවල වතු ප්‍රජාව පීඩනයට හිංසනයට ලක් කරන මර්දන රැල්ලක් යන බවත් රජය මේවාට විරුද්ධ විය යුතු වුවත් තවමත් එය කර නොමැති බවත් නුවරඑළියේ මැයිදින රැළි පවත්වා බොරු කිව්වට සැබවින්ම සිදුවිය යුත්තේ වතු ප්‍රජාවගේ ජනජීවිතය ශක්තිමත් කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පාස්පෝට් සිදුවීම ගැන ආරක්ෂක අමාත්‍යවරයා පැහැදිලි කළත් පෝලන්ත රජය වාර්තා වන ආකාරයට යුරෝපා හවුලට පැමිණිලි කරනවා යැයි මාධ්‍ය වාර්තා කරන බවත් පෝලන්ත නියෝජිතයන් සමග රාජ්‍ය තාන්ත්‍රිකව කතා කරලා මේ ගැන පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අඩු මිලට පොහොර ගන්න පුළුවන්කම තිබියදී වැඩි මිලට පොහොර අරන්
පොහොර සහනාධාරය දෙනවා යැයි කිව්වත් අද වන විට ගොවියාට වැඩි මිලට ඔ්මානයෙන් පොහොර ගෙන්වන බවත් තියෙන පොහොර පවා වැඩි බවත් මීට අමතරව අඩු මිලට ගත හැකිව තිබියදී වැඩි මිලට පොහොර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.








