මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වැනි පිටුවට අනුව 35000ක් උපාධිධාරීන් බඳවා ගැනීමේ විග්‍රහයක් ඇති බවත් ඒ අනුව 20000ක් ගුරු වෘත්තියට, දේශිය ආදායම් දෙපාර්තමේන්තුව රේගුව ආදී ලෙස 35000ක් බඳවා ගන්නා ආකාරය ඇති බැවින් මේ බඳවා ගැනීමේ දී රැකියා විරහිත උපාධිධාරීන්ට වසරක අභ්‍යාසලාභී පුහුණුවක් ලබා දී මේ කාලයේ දීමනාවක් ලබා දී බඳවා ගන්නා ලෙස යෝජනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දි පැවසීය.Sri Lanka Latest News
කොරියානු රැකියා ගැටලුවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැතිනියට ඉදිරිපත් කරයි
විරැකියාව කියන ගැටලුවට විසඳුමක් ලෙස දේශීයව සහ විදේශීයව විසදුම් සෙවිය යුතු බවත් 2004 කොරියාව සමඟ ඇති කර ගත් ගිවිසුම අනුව නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රවල භාෂා විභාගය ඇතුළු සියලු විභාග සමත්ව කුසලතාව මත බඳවා ගන්නා බවත් සාමාන්‍යයෙන් කාර්තුවකට රැකියා අවස්ථා 1500ක් 2000ක් පමණ ඇති නමුත් 2023 සිට කාර්තුවකට ලැබුණු රැකියා අද 200ට අඩු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ ගැටලුව නිසා 5000ක් පමණ අසරණ වී ඇති බවත් මේ විභාගයේ වලංගුව වසර 2ක් බැවින් මේ කාලයේ කොරියාව බලා නොගියහොත් විශාල මුදලක් අපතේ යන නිසා රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කර අගතියට පත් 5000ට සහනයක් ලබා දී රැකියා ලබා දීමට මැදිහත් වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.










