• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උණුසුම් වෙච්ච ත්‍රීකුණාමල සිද්ධිය නිවන විදිහ ගැන විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙයි! වහාම ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජාතික ඒකාග්‍රතා කමිටුවක් පත්කරන්න! VIDEO I Sri Lanka Latest News

November 18, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ආරක්ෂාව ගැන රජය කතා කරන විට ත්‍රීකුණාමලයේ ජයන්ති විහාරයේ සිදු වූ දේ ජාතික ආරක්ෂාවට හිතකර ද අහිතකර ද කියා ප්‍රශ්න කරන බවත් 1951 එම විහාරස්ථානය ආරම්භ වී 2010 එය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී 2014 පූජා භූමි ඔප්පු ලැබුණත් දැන් අර්බුධයක් නිර්මාණය වී බුදුපිළිම ප්‍රවාහනකරුවන් බවට පොලිසිය පත්ව ඇති බවත් මේ බුදුපිළිමය ඉවත් කරන්න අයිතියක් නොමැති නිසා වරද පිළිගෙන අන්තිමේ දී පොලිසිය බුදුපිළිමය නැවත ගෙනවිත් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

බුද්ධශාසනයට ප්‍රමුඛස්ථානය මෙන්ම අනෙකුත් ආගම්වලට නිසි ගෞරවය ලැබෙන බවත් මේ තත්ත්වය තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ඒකාග්‍රතා කමිටුවක් ස්ථාපිත වී එය රටේ ජනාධිපතිවරයාගේ පාලනයට නතු විය යුතු බවත් මෙවැනි ගැටලු ඇති වූ විගස ඒවා පොලිසියට බාර දිය නොහැකි බවත් රටේ නායකයා මේ ප්‍රශ්න විසදිය යුතු බවත් සෙසු ආගම්වල මෙවැනි ගැටලු එන විට පවා එදා ඒ ගැනත් කතා කළ බවත් නියම බෞද්ධයා කෙසේ වුවත් අද බෞද්ධකම විකෘති කර විවිධ කණ්ඩායම් සිටින නිසා මේ තත්ත්වය තුළ ජාතික ඒකාග්‍රතා කමිටුවක් ඇති කරන ලෙසත් ජනාධිපතිවරයාට මේ ප්‍රශ්නවලින් පැන නොගොස් මේවාට විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අමරපුර මහා නිකායේ මහානායක නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයත් මේ ප්‍රශ්නයට මුල් වී ඇති සියලු කණ්ඩායම් ජනාධිපති ලේකම් කාර්යාලයට කැදවා මේ ගැටලුව විසදිය යුතු බවත් මෙවැනි ගැටලු ගණනාවක් රටේ ඇති නිසා ඒවට විධිමත් විසදුම් ලබා දි සාමය සංහිදියාව එකමුතුභාවය සැබෑ ජනතා සෛරීත්වය ශක්තිමත් කරන්න විපක්ෂය පවා සූදානම් බවත් පොලිසියට පන්සල් ඇතුළට ගොස් ස්වාමීන් වහන්සේලාට ගහන්න අයිතියක් නැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික සිද්ධස්ථානවලට අදාළ ප්‍රශ්න ඇති වන විට සමගි ජන බලවේගය පැහැදිලි ස්ථාවරයේ සිට ගින්නක් ඇති වෙනවා වෙනුවට සාමය ඇති කරන්න කටයුතු කළ බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිවරණ සමයේ රණවිරු බලකා හැදූ රජය අද රණවිරුවන් පැත්තකට දමලා.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්ෂක අංශ විසින් රටේ සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව හා ඒකීයභාවය සුරක්ෂා කිරීම වෙනුවෙන් දැවැන්ත සේවාවක් ඉටු කළ නමුත් අද වන විට ආබාධිත රණවිරුවන්ට ගැටලු 3ක් ඇති බවත් 2025 අයවැය යෝජනාවට අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 15/2025 මගින් සියලුම රාජ්‍ය හා සන්නද්ධ සේවා නිලධාරීන්ගෙ විශ්‍රාම වැටුප් සංශෝධනය කරන්න යෝජනා වුවත් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 2/2025 මගින් ත්‍රිවිධ සන්නද්ධ සේවා හමුදාවන්හි පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ සේවයේ යෙදී සිටින විශ්‍රාම ලැබීමෙන් පසු වයස අවුරුදු 55 දක්වා වැටුප් සහ දීමනා ලබන විශ්‍රාමික නිලධාරියට මියගිය නිලධාරියාගේ වැන්දඹුවන්ට විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය නොලබන බවට චක්‍රලේඛයක් යොමු කර ප්‍රතික්ෂේප කර ඇති බවත් අයවැය යෝජනාවක් සම්මත වී පසුව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකවරයා එය වලංගු නැති බවට නියෝග නිකුත් කරන බවත් ඔහු ජනාධිපතිවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපති හිමිකම් ලබා දෙන විට අධ්‍යක්ෂ ජනරාල්වරු හිමිකම් කප්පාදු කරන බවත් 2025 යෝජනාවක් වහාම ක්‍රියාත්මක කළ යුතු බවත් මේවා විය නොහැකි බවත් මෙය කඩිනමින් නිවැරදි විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන රණවිරුවන් වෙනුවෙන් ලබා දුන් ස්ථාවර දීමනා පවා රජය කප්පාදු කර ඇති බවත් මෙවැනි අසාධාරණ සිදු නොකරන ලෙසත් මීට පෙර ක්‍රියාන්විතයේ රාජකාරියේ යෙදී සිටියදී සුනාමි ගුවන් අනතුරු ආදිය නිසා අතුරුදන් වූ ආරක්ෂක අංශවල සාමාජිකයන්ට සියලු හිමිකම් ලබා දුන්නද විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අතුරුදන් වූවන් යළි පැමිණෙයි යැයි උපකල්පනය මත ස්ථාවර දීමනා ලබා නොදීමට කටයුතු කර ඇති බවත් මොහු ජනාධිපති පවා අභිබවා ගොස් ඇති බවත් මේවා රටේ ප්‍රතිපත්තියට විරුද්ධ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බොහෝ අවස්ථාවල ආබාධිත රණවිරුවන්ගේ ගැටලු හා ප්‍රශ්නවලට විපක්ෂයේ සිටින විට සාකච්ඡා කළත් අද බලයට ආ පසු මොවුන් අමතක කර ඇති බවත් මොවුන්ට දැන්වත් සාධාරණත්වය ඉටු කරන ලෙසට ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මත්කුඩු ජාවාරම සේම ඔන්ලයින් ණය මාෆියාවත් මර්දනය කළ යුතුයි.

පොලිසිය භාර අමාත්‍යවරයා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කරන බවට ප්‍රකාශ කර ඇති බවත් එම සාධනීය පියවර අගය කළත් ඒවා ක්‍රියාත්මක කිරීමේ දී අපක්ෂපාතීව ක්‍රියාත්මක කළ යුතු බවත් විනිවිදභාවයෙන් යුතුව අපක්ෂපාතීව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මත් ජාවාරම සේම ඔන්ලයින් ණය මාෆියාව පවා දරුණු ලෙස වර්ධනය වී රටේ ජනතාව සියදිවි නසා ගන්නා තැනට පත්ව ඇති බවත් අනීතික ණය දීම ගැන පාර්ලිමේන්තුවේ කතා කළත් පැහැදිලි විසදුමක් නොමැති බවත් මේ නිසා අත්තනගල්ලේ තරුණියන් පසුගිය දිනවල සියදිවි නසා ගෙන ඇති බවත් මෙගා කෑෂ් කියන ආයතනය හරහා ගත් ණය නිසා මේ තරුණිය සියදිවි නසා ගෙන ඇති බවත් පොලිය 500%ක් බවත් මෙයට හේතුව දුප්පත්කම වර්ධනය වීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙගාෆින් ලංකා, ඔන් ක්‍රෙඩිට්, අසාද් ඩිවලොප්මන්ට්, සුපර් මෑන් ආදී ආයතන රාශියක් රට පුරා ඇති බවත් මේ අනීතික ආයතන වසා දැමිය යුතු බවත් එසේම මේ අනීතික ආයතන මහ බැංකුවේ ලියුම් හදා දමා ණයකරුවන් පවා බිය ගන්වන බවත් ණය නොගෙව්වොත් දවසක් හෝ ප්‍රමාද වුවහොත් ඔවුන් වැඩකරන ආයතනවලට යවා තර්ජනය කරන බවත් මේ අනීතික ආයතනවලට විරුද්ධව නීති හදන්න පූර්ණ සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දෙසැම්බරයේ ශ්‍රී ලංකා දිනය සමරන්න වෙන් කළ රු. ලක්ෂ 3000 රටේ සංහිදියාව ගොඩනගන්න වෙන් කරන්න.

දෙසැම්බර් 11, 12 සහ 13 ශ්‍රී ලංකා දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් රට තුළ එකමුතුභාවය සහෝදරත්වය සංහිදියාව ජන කොට්ඨාසවලට ඇති ගැටලුවලට විසදුම් ලබා දීම බවත් මේ වෙනුවෙන් ලක්ෂ 3000ක් වෙන් කර ඇති බවත් මේ ලක්ෂ 3000 වියදම් කරන්න දින 7 ටෙන්ඩර් ක්‍රමයක ඇති කර ඇති බවත් ශ්‍රී ලංකා දිනය සදහා වෙන් කළ ලක්ෂ 3000න් අතුරුදන්වූවන්ට ලබා දෙන වන්දි ලබා දී සංහිදියා වැඩසටහන සදහා මූල්‍ය ශක්තිය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සහජීවනය ගැන කතා කරන රජය මේ ලක්ෂ 3000 නාස්ති නොකර රටේ ජනතාවගේ ප්‍රශ්න විසදන්න ජාතික ඒකාග්‍රතාවක් ඇති කරන්න සංහිදියාව ඇති කරන්න කටයුතු කරන ලෙසත් ටෙන්ඩර්ක්‍රමවේද දින 7න් ක්‍රියාත්මක කර ගජමිතුරන්ට මුදල් ලබා දීමේ ක්‍රමවේදයෙන් බැහැර වන ලෙසත් මේ අපරාධය ගැන නිසි පියවර ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

2016 මහඇමැති කාලේ වෙච්ච සිද්ධියකට අල්ලස් කොමිසම චාමරට එරෙහිව පැවරූ නඩුව කැඳවන්න අධිකරණය දිනදෙයි! I Sri Lanka Latest News

Next Post

මන්ත්‍රී විශ්‍රාම වැටුප අයින් කරන්න කැබිනට් අනුමැතිය ලැබෙයි! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

Load More
Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි...

Read more
කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.