අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනාත්මක වෙනසක් සිදු විය යුතු බවත් මෙම පරිවර්තනාත්මක වෙනස ඇති කිරිමට ප්‍රතිපත්තිමය වශයෙන් සහයෝගය ලබා දෙන බවත් මේ වෙනස තුළ ගම්‍ය වන සිද්ධාන්ත හා ක්‍රියාදාම නිවැරදිව ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සඳහා පුළුල් පාර්ශ්ව සමඟ අදහස් හුවමාරුවක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරියට යෝජනා කළේය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ පැවැති රැස්වීමකදීය.
මේ හරහා වඩාත් නිවැරදි තීන්දුවක් කරා එළැබිය හැකි බවත් මේ පරිවර්තනය තුළ ප්‍රමුඛ අරමුණ විය යුත්තේ සුහුරු අධ්‍යාපනය, අදාළ අධ්‍යාපනය, අගය එකතු කළ අධ්‍යාපනය සහ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ ඉලක්ක කර ගත් අධ්‍යාපනයක් බවත් මේ කරුණු කාරණා තුළ සිදුවන පරිවර්තනයක් කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නූතන ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න
අද වන විට ලෝකය පරිගනක තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, නූතන තාක්ෂණය, කෘතීම බුද්ධිය, ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වැනි දේවල් සඳහා වේගවත් ගමනක් අවශ්‍ය බවත් ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය නොමැති වීම නිසා සමාජ බෙදීමක් ඇතිව තිබෙන නිසා එය ඉවත් කළ යුතු බවත් ඒ සඳහා ගුරු පුහුණුව ආදිය ද දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ඉතිහාසය විෂය අනිවාර්ය කරන්න
අගය හෝ වටිනාකම් එකතු කළ අධ්‍යාපනයේදී සර්ව ආගමික අවබෝධය ලබා දීම මෙන්ම ඉතිහාසය කියන විෂය අනිවාර්ය කිරීමක් සිදුවිය යුතු බවත් එම නිසා මේ ගැන අවධානය යොමු කරන ලෙසත් ඊට අමතරව සම්පත් හිගතාව විශේෂයෙන් ඇති බවත් පළාත් 9 තුළ දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය හා අධ්‍යාපනයට වෙන්වන දායකත්වය ගැන සබදතාවක් ඇති බවත් එම නිසා මෙම සම්පත් බෙදී යාමේ විෂමතාව ගැන අවදානය යොමු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
නිසි ප්‍රමිතිකරණ වැඩපිළිවෙළකට යමු
එමෙන්ම ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම හා ප්‍රමිතිකරණ වැඩපිළිවෙළක් ද අවශ්‍ය බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට මන්ත්‍රීවරුන්ට ද අදහස් දක්වන්න අවස්ථාව දෙන ලෙසත් හදීසි නොවී මෙම පරිවර්තනාත්මක වෙනස සිදුවිය යුතු බවත් මුල් ළමා වියේ සිටම මේ වෙනස සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය..










