• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල ගල්අඟුරුවල පාඩුව ජනතාව පිට පටවන්න එපා! අලාභය ගල්අඟුරු ගෙනා සමාගමෙන් අයකර ගන්න! ඉන්ධන බලාගාර වෙනුවට සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න! පොඩි මිනිහාට පහර වදින විදුලි ප්‍රතිපත්තිය වහා නවත්වන්න! ලක්ෂ 75ක් වෙච්ච විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් විපක්ෂනායක සජිත් මහජන උපයෝගිතා කොමිසමට ගිහින් කරුණු දක්වයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 18, 2026
in Exclusive
Reading Time: 14 mins read
A A
බාල ගල්අඟුරුවල පාඩුව ජනතාව පිට පටවන්න එපා! අලාභය ගල්අඟුරු ගෙනා සමාගමෙන් අයකර ගන්න! ඉන්ධන බලාගාර වෙනුවට සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න! පොඩි මිනිහාට පහර වදින විදුලි ප්‍රතිපත්තිය වහා නවත්වන්න! ලක්ෂ 75ක් වෙච්ච විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් විපක්ෂනායක සජිත් මහජන උපයෝගිතා කොමිසමට ගිහින් කරුණු දක්වයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බාල ගල් අගුරුවලින් සිදුවූ පාඩුව විදුලි පාරිභෝගිකයන් මත පැටවීම සිදු කරන්න එපා – විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධ යෝජනා රැසක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි

නොරොච්චෝල විදුලි බලාගාරයේ ප්‍රමිතියෙන් තොර ගල් අගුරු භාවිතයෙන් බරපතල අර්බුධයක් නිර්මාණය වී ඇති බවත් පසුගිය මාර්තු 12 වැනිදා මෙගාවොට් 51ක්, 13 වැනිදා මෙගාවොට් 130ක්, 14 වැනිදා මෙගාවොට් 135ක්, 15 වැනිදා මෙගාවොට් 132ක්, 16 වැනිදා මෙගාවොට් 148ක් සහ ඊයේ දිනයේ මෙගාවොට් 165ක් නිපදවිය නොහැකි වී ඇති බවත් මේ නිසා බරපතල අර්බුධයකට මුහුණ දෙන බවත් මේ ජනනයේ අඩුව ඩීසල් බලාගාර හරහා ලබා ගැනීමට යොමුවන විට මේ අතිරේක පිරිවැය පාරිභෝගිකාය මත පැටවීම සිදු නොකරන ලෙස යෝජනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහජන උපයෝගීතා කොමිසම විසින් BMICH හි පැවැති බස්නාහිර පළාත් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමට පැවැත්වූ හමුව හා එක්වෙමිනි.

එසේම මේ මොහොත වන විට තෙල් සැපයුම් ගිවිසුම් අත්සන් කිරීමට ඇති නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස දන්වා සිටින බවත් මේ අවස්ථාවේ ගල් අගුරු නැව් 36ම අදාළ කාලයේ ගෙන ඒමට හැකිවේද ගියා ගැටලුවක් ඇති බවත් යම් හෙයකින් ගෙන ඒමට නොහැකි වුවහොත් ඩීසල් බලාගාර හරහා විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය වැඩිවේද ගියා ගැටලුවක් ඇති විදුලි බල මණ්ඩලයට මේ පාඩුව නැවත ලබා ගැනීමේදී සැපයුම්කරුවන්ට හා අදාළ පරීක්ෂණ කළ ආයතනවලට ඒ වගකීම ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අලාභය අදාල සමාගම්වලින් ලබා ගත යුතුමයි

ප්‍රමිතියෙන් තොර ගල් අගුරු භාවිතයෙන් නිර්මාණය වන පිරිවැය සහ අලාභය සැපයුම්කරුවන්ගෙන් සහ පරීක්ෂණ සමාගම්වලින් ලබා ගැනීමේ බලය විදුලි බල පනත හරහා මහජන උපයෝගීතා කොමිසම ට ඇති බවත් එසේම විදුලි බල මණ්ඩලය දැන් පවතින ආයතනයේ මූල්‍ය ස්ථායිතාව ඇති කිරීමට මහා භාණ්ඩාගාරය මැදිහත්විය යුතු බවට ද විපක්ෂ නායකවරයා මෙහි දී යෝජනා කළේය.

තවද නැප්තා සහ ෆර්නස් ඔයිල් මිලදී ගැනීමේ දී විනිවිදභාවයක් නොමැති නිසා විදුලි බල මණ්ඩලය අදාළ ආයතන යොමු කරන මුදල සම්බන්ධයෙන් විදිවිදභාවයක් නොමැති බවත් වැඩි මුදලක් අය කරන බවට චෝදනා එල්ල වන නිසා මේ මිල දී ගැනීමේ දී විනිවිදභාවයෙන් යුක්ත වැඩපිළිවෙළකට යොමු වන බවත් 75 ලක්ෂයක් විදුලි පාරිභෝගිකයාට මෙය සෘජුවම බලපාන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

යෝජිත විදුලි බල ප්‍රතිපත්තියෙන් පොඩි මිනිසාට හානියක් වෙන්න දෙන්න බැහැ

යෝජනා කර ඇති විදුලි බල ප්‍රතිපත්තිය පොඩි මිනිසාට හානිදායක ලෙසත් ඇති හැකි අයට වාසිදායක ලෙසත් නිර්මාණය කර ඇති බවත් ස්ථාවර ගාස්තු වැඩි කිරීම ඇතුළු ගැටලු රැසක් ඇති බවත් මේ නිසා සමාජයේ සාමාන්‍ය ජනතාවට ආගමික සිද්ධස්ථාන හෝටල් ආදියටද හානිදායක බවත් මේ ටැරිෆ් ක්‍රමය ක්‍රියාත්මක කරනවා නම් දරාගත හැකි පිරිවැයක් ජනතාව ලබා දීම සහ සමානාත්මතාව අනුගමනය කළ යුතු බවත් මෑතක සිදුවූ ප්‍රතිසංස්කරණ හරහා ජනනය පද්ධති පාලනය බෙදාහැරීම හා සම්ප්‍රේෂණය වෙනස් කර ඇති බවත් මේවායේ මූල්‍ය ස්ථාවරත්වය පදනම්ව ඇත්තේ භාණ්ඩාගාරය සතුව බවත් භාණ්ඩාගාරය මුදල් නොදුන්නොත් ඒවා කඩා වැටෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සටන් පාඨ ප්‍රකාශ මත පදනම්ව පමණක් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න බැහැ

අප රටේ බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කළ හැකි බවත් ස්වාධින ක්‍රමවේද මත එය තහවුරු කළ හැකි බවත් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන්නට සටන් පාඨ ප්‍රකාශන පමණක් නොවන මහපොළොවේ සත්‍යක් යථාර්ථයක් බව පත් කළ යුතු බවත් මේ සදහා පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සිදු කරන ලෙස යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ඉදිරියේ දී සිදුවන විදුලි කප්පාදු ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි

අද වන විට ප්‍රමිතියෙන් අඩු ගල් අගුරු භාවිත කරන බවත් මෙසේ ගෙන්වන ගල් අගුරු වර්ගය දැන ගැනීමට අවශ්‍ය බවත් ගල් අගුරු ගොඩ බෑවයින් පසු මේවා ප්‍රතික්ෂේප වන නිසා එවා නැවත යවන එක ගැන අවධානය යොමු කළ යුතු බවත් විදුලිය උත්පාදනය කිරීමේ පිරිවැය ගැන සැලසුම් ඉදිරිපත් කර ඇති මුත් එය ක්‍රියාත්මක කළ හැකි ද කියා ප්‍රශ්නයක් ඇති බවත් පිරිවැය අඩු කිරීමේ සැලසුමේ LNG භාවිතය ගැන කිව්වත් ඒවා කොලයකට පමණක් සීමා වී ඇති බවත් LNG මිල දී ගන්න නොහැකි වුවහොත් පාරිභෝගිකයාට කොපමණ අමතර පිරිවැයක් දරන්න වෙනවාද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉන්ධන බලාගාරවලට වඩා සූර්ය බලශක්තිය ලාභයි

ඉදිරියේ දී නිරන්තර විදුලි උත්පාදන වැඩපිළිවෙළට බාධාවක් පැමිණෙනවාද කියා මීට වඩා අවධානයෙන් යුක්තව කටයුතු කළ යුතු බවත් පිරිවැය අඩු කරනවා යැයි කිව්වත් මේවා මහපොළොවේ යථාර්ථයක් වන්නේ කෙසේද කියා ඉදිරිපත් කළ යුතු බවත් පාරිභෝගිකයා වෙනුවෙන් මේ කරුණු ගැන අවධානය යොමු කළ යුතු බවත් තෙල් බාලාගාරවලින් විදුලි ඒකකයක් රු. 59ක් වන විට සූර්ය බලාගාරවලින් බැටරියත් සමගම ඒකකයක් රු. 45.80ක් නම් මේ ගැන අවධානය යොමු නොකරන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

“Thomians’ කැරෝකී නයිට් 2026” I Sri Lanka Latest News

Next Post

දොඹෙන් යන්න වදින්නයි යන්නේ! කිසිකෙනෙක් දැකලා නැති අලුත්ම ආයුධ එළියට ගන්න ඉරානය ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.