• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුළි කුණාටුවෙන් වැඩිම විනාශයක් වූ බදුල්ලට විපක්ෂනායක සජිත් යයි! මහියංගණ මූලික රෝහලට ලක්ෂ 47ක වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි! කුණාටුවෙන් අනාථ වෙච්ච ජනතාව දැන් ආණ්ඩුවේ බොරුවලින් අනාථ වෙලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 29, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
සුළි කුණාටුවෙන් වැඩිම විනාශයක් වූ බදුල්ලට විපක්ෂනායක සජිත් යයි! මහියංගණ මූලික රෝහලට ලක්ෂ 47ක වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි! කුණාටුවෙන් අනාථ වෙච්ච ජනතාව දැන් ආණ්ඩුවේ බොරුවලින් අනාථ වෙලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීට වසර කිහිපයකට පෙර මෙරට අන්ත දූෂිත අන්ත වංචනික බාල බෙහෙත් ජාවාරමක් ක්‍රියාත්මක වූ අවස්ථාවේ ඒ ගැන හෙළිදරව් කළේ සහ එවක සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග ගෙන ආවේ සමගි ජන බලවේගය බවත් එදා සිදු වූ බාල බෙහෙත් වංචා නව රජය සමඟ නතර වේ යැයි සිතුවත් වත්මන් රජය යටතේ ද බාල බෙහෙත් මාෆියාව ක්‍රියාත්මක වීම නිසා පසුගිය දින බාල එන්නත් නිසා කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් ප්‍රමිතියෙන් තොර එන්නත් ඖෂධ ලබා දීමේ කූඨ ජාවාරම අදටත් ක්‍රියාත්මක බවත් වත්මන් රජයට වරමක් ලැබුණේ පැවැති රජයේ ඖෂධ වංචාව ඉදිරියට ගෙන යමට නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය මූලික රෝහලට රු. ලක්ෂ 46.5ක් වටිනා සෞඛ්‍ය උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය. මෙහි දී රු. ලක්ෂ 38ක් වටිනා Dialog+ Single Pump Hemodialysis එකක් සහ රු. ලක්ෂ 7.6ක් වටිනා Bluedot RO System 600Gpd යන්ත්‍රයක් ලබා දීම සිදුවිය. වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම පරිත්‍යාග කිරීම සිදු විය.

එදා සමගි ජන බලවේගය බාල බෙහෙත්වලට කෑ ගහන විට වත්මන් රජයේ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා ඊට සහයෝගය ලබා දුන් බවත් එදා හොර බෙහෙත් ජාවාරම නතරකරනවා යැයි කියා සටන් පාඨ කියූ වත්මන් රජයේ මැති ඇමතිවරු අද රිසිසේ බාල බෙහෙත් බාල එන්නත් ජනතාවට බෙදා දෙන්න කටයුතු කරන බවත් වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරින් සියලු දෙනා මේ බලා බෙහෙත් මාෆියාව විනාශ කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බාල බෙහෙත් පරීක්ෂා කරන්න සුදුසු ක්‍රමවේදයක් දැන්වත් ස්ථාපිත කළ යුතුයි

මේ ඖෂධ මාෆියාව නිසා දසදහස් ගණනකගේ ජීවිත අහිමිවන බවත් බෙහෙත් රටට ආවම ඒවා පරිභෝජනයට සුදුසු බවට සහතික කරන්නේත් අලෙවි කරන්නේත් බාල බෙහෙත් යැයි අනාවරණය වූ පසු පරීක්ෂණය කරන්නේත් සෞඛ්‍ය අමාත්‍යංශය නිසා මේ බාල බෙහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යනතර ආයතන හරහා බෙහෙත්වල ප්‍රමිතිය සොයා බැලිය යුතු බවත් අප රටට තවමත් බෙහෙත්වල ගුණාත්මකභාවය සෙවිය හැකි පරීක්ෂණ ආයතනයක් නොමැති බවත් මෙවැනි මධ්‍යස්ථානයක ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වගකීමෙන් ඇමතිවරයාට බැහැර විය නොහැකියි

එසේම මේ වගකීමෙන ඇමතිවරයාට සහ නිලධාරීන්ට බැහැර විය නොහැකි බවත් හිටපු ඇමතිවරයාට සේම වත්මන් සෞඛ්‍ය ඇමතිවරයාට ද මේ වගකීමෙන් බැහැර විය නොහැකි බවත් මේ බාල බෙහෙත් ජාවාරම ක්‍රියාත්මක කරන සියලු දෙනාට විරුද්ධව සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් මහපාරට බැස මේ මාෆියාවට විරුද්ධව කටයුතු කරන බවත් මේ බාල බෙහෙත් ජාවාරම විනාශ කරන්න රජය ගන්නා ඔ්නෑම පියවරකට විපක්ෂයේ ද සහයෝගය ලබා දෙන බවත් මූලික හා මානව අයිතිවාසිකමක් වන සෞඛ්‍ය වෙනුවෙන් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සුළි කුණාටුවෙන් අනාථ වූ ජනතාව දැන් බොරු පොරොන්දුවලින් ද අනාථ වෙලා

දිට්වා සුළි කුණාටුව නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාව අවතැන් වී ඇති බවත් මේ ජනතාව වෙනුවෙන් සහන දෙන බවට පාර්ලිමේන්තුවේ කිව්වත් තවමත් ඒ සහන නොමැති බවත් සුළි කුණාටුවෙන් අනාථ වූ ජනතාව බොරු පොරොන්දුවලින් අනාථ කර ඇති බවත් කියපු සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවත් අවතැන් වූ ජනතාව සහන කුණාටුවේ වින්දිතයන් නොකළ යුතු බවත් කෝටි ගණනින් සහන දෙනවා කිව්වත් අද වන විට ඒ කිසිවක් සිදු නොවී ඇති බවත් දිට්වා සහන කුණාටුවට ජනතාව හසුවී පීඩාවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පච මල්ල වෙනුවට සහන මල්ල දෙන්න

ඡන්ද කාලය මෙන්ම පච මල්ලක් ඉදිරිපත් නොකර මේ ආපදා අවස්ථාවේ විපතට පත් ජනතාව සමග සෙල්ලම් නොකර කියූ දේ කරන ලෙසත් ජනතාවගේ ජීවිත සමග රජයට සෙල්ලම් කරන්න විපක්ෂය ඉඩ නොදෙන බවත් පාර්ලිමේන්තුවේ කියූ ආකාරයට ජනතාවට හිමි සහන ලබා දිය යුතු බවත් බොරු පොරොන්දු නොදී සැබෑ ලෙසම ජනතාවට සේවය කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ලබන අවුරුද්දේ කන්ටේනර් 323 විගණනය වෙනවා! ක්ලීන් ශ්‍රී ලංකා විගණනය වෙනවා! විදේශ ආධාර පාවිච්චි කරපු විදිහ විගණනය වෙනවා! මේවා වහගන්නද අනුර ජනවාරි වෙනකන් විගණකාධිපතිවරයෙක් පත් නොකර ඉන්නේ..? VIDEO I Sri Lanka Latest News

Next Post

හදිසි තත්ත්වය ආපහු දික්කරයි! I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.