• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ ජනප්‍රියතාවය තාමත් 65%ක් තියෙනවලු! ඉතින් පළාත් සභා ඡන්දෙ තියන්නකෝ! විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

February 17, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

රජයට මතවිමසුමකින් ඉහළ ප්‍රතිශතයක් ලැබුණ නිසා උද්දාමයට පත්ව ඇති බවත් රජය මේ තරම් ජනප්‍රිය යැයි හිතනවා නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස යෝජනා කරන බවත් කමිටු, තේරීම් කාරකසභා ආදී උප්පරවැට්ටි යොදා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න යැයි කියමින් විවිධ උපක්‍රම උපයෝගී කර ගෙන පළාත් සභා මැතිවරණය කල් දමන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් රජයට 65%ක ජනතා කැමැත්තක් තිබේ නම් සමූපකාර ඡන්ද ගණන් ගන්නේ නැතිනම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට රජයට කියන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් අවශ්‍යයි

තමා විශ්වාස කරන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතු බවත් ඒ පදනමේ ඉදිරියටත් සිටින බවත් ඒ ගැන සෘජුවම ප්‍රකාශ කරන බවත් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඒ විශ්‍රාම වැටුප මහජන නියෝජිතයන්ට ලබා දෙන්නේ අල්ලස හා දූෂණය අවම කර තුරන් කිරීමට බවත් යම්කිසි තමන්ගේ කාලයෙන් පසුව යම්කිසි සමාජ ආරක්ෂණයක් ලබා දීමට බැවින් ඒ ස්ථාවරයේ සමගි ජන බලවේගය සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මන්ත්‍රීවරුන් විශ්‍රාම වැටුප ගැන කියවන රජය වැඩිහිටියන්ගේ විශ්‍රාම වැටුපත් නැති කළා

පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ගැන කැක්කුමක් තිබෙන රජය 750000ක් ආදී විශ්‍රාමිකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය පැහැදිලි නැති බවත් බී. සී. පෙරේරා කමිටුවේ රාජ්‍ය සේවකයන්ට 60%ක වැටුප් වැඩිවීමක් ශ්‍රී ලංකා ගුරු විදුහල්පති උපදේශක සේවාවන්ට ලබා නොදීම තුළ විශාල විෂමතාවක් නිර්මාණය වී ඇති බවත් සුබෝධනී කමිටුව 20%කින් වැඩි කිරීමත් එහි බලපෑම 2022 ජනවාරි මස 1 වැනිදා සිට සක්‍රීය සේවයේ නිරත අයට පමණක් සීමා කිරීම තුළ විශ්‍රාම ගිය අයට කිසිදු සහනයක් නොමැති බවත් ජනාධිපතිවරයා විශ්‍රාමික ජාතික සමුළුවේදී මොවුන් ආමන්ත්‍රණය කර විසදනවා කිව්වත් ඒ කිසිවක් විසදා නැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

2025-2027 වැටුප් වැඩිවීමක් කළත් 2020-2024 කාලයේ විශ්‍රාම ගිය 154000කට කිසිදු සහනයක් නොමැති බවත් 2025 අප්‍රේල් 1 වැනිදා පෙර විශ්‍රාම ගිය එනම් ජනවාරි සිට මාර්තු විශ්‍රාම ගිය අයට මේ සහන ලැබුණත් 2020-2024 කාලයේ විශ්‍රාම ගිය අයට ගැලපීමක් නොකළ නිසා මොවුන් අනාථ වී ඇති බවත් 10000 වැටුප් වැඩි කිරීම විශ්‍රාම වැටුපට ගැලපීමේ ක්‍රියාවලිය ගෝඨාභය රජය අවලංගු කළ පසු මේ අසාධාරණය නිවැරදි කිරීම වසර 3ක් පුරාවට ක්‍රියාත්මක කිරීම නිසා විශාල විශ්‍රාමිකයින් පිරිසක් දැඩි පීඩනයට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට 76 වසරක් සාපයක් වුණාට රටටනම් වුණේ හොදක්

76 වසරක තුළ කිසිදු දෙයක් නොවුණු ආකාරයට රජය දැන් කතා කළත් 30 වසරක මහවැලිය වසර 5කින් අවසන් කිරීමත් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ක්‍රියාත්ක කිරීම ජාතික සුබසාධන රාජ්‍ය ඇති කර ළමා මරණ මාතෘ මරණ අඩු කර ආයු කාලය වැඩි කර ඇති බවත් නිදහසින් පසු මේ කාලයේ රටට සුවිශාල සේවාවක් සිදුවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තෙතමනය සහිත රජය වැඩිහිටි ඉතිරි කිරීම්වල 15% පොළියත් කැපුවා

තෙතමනය සහ සංවේදී ආණ්ඩුවක් තිබේ නම් ඇයි වැඩිහිටි ප්‍රජාවට ලක්ෂ 15 ඉතිරිකිරීම්වලට දුන් 15% අහිමි කළේ ඇයිද කියා ප්‍රශ්න කරන බවත් මේ ලක්ෂ 15 සීමාවට 15%ක දුන් පොළිය අදටත් නැති බවත් අදටත් විදුලි බිල අඩු කර නොමැති බවත් 33%කින් විදුලි බිල අඩු කරනවා යැයි කිව්වත් අදටත් එය සිදු නොවූ බවත් දැන් දෙවැනි කාර්තුවට 13.56%කින් විදුලි බිල වැඩි කරන්න රජය යෝජනා කර ඇති බවත් ඊට අමතරව ගාල්ල බූස්ස කදවුරේ සිටින ආබාධිත රණවිරුවන් අද පනාගොඩට යවන්න හදන බවත් සංවේදී ආණ්ඩුව කරන්නේ මේවා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණයෙන් ලක්ෂ 23ක ඡන්ද රජයට නැති වුණා

මහමැතිවරණයෙන් පසු රජයට පළාත් පාලන මැතිවරණයෙන් ලක්ෂ 23ක ඡන්ද අහිමි වූ බවත් මේ අවස්ථාවේ ඇති හොදම දේ පුලුවන් නම් පළාත් සභා ඡන්දය තියන ලෙසට රජයට කියන බවත් කමිටු දමා පළාත් සභා මැතිවරණය කල් නොදමා එය පවත්වන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

SendShareShare
Previous Post

ගල් අඟුරු වංචාව අදත් ඇදෙයි! අපි‌ට ප්‍රශ්න අහන්න දෙන්න! ප්‍රශ්න අහන්න නොදුන්නාට විපක්ෂනායක සජිත්ගෙන් විරෝධය! VIDEO I Sri Lanka Latest News

Next Post

තාම උත්තර නෑ! හෙට තීරණාත්මකයි! වර්ජනය දැඩි කරන්න දොස්තරවරු තීන්දු කරලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.