• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද IMF එකේ මැනේජින් ඩිරෙක්ටර් විදිහට තමයි අනුර කුමාර ජනාධිපතිවරයා අයවැය හදලා තියෙන්නේ! හරි සතුටින් කියනවා භාණ්ඩාගාරය සල්ලිවලින් පිරිලා ඉතිරිලාලු! එහෙම භාණ්ඩාරගාරය පිරුණේ ජනතාවට බදු පිට බදු ගහලා! දැන් ඒ සල්ලිවලින් ජනතාවට සහන දෙන්න! බඩු මිල අඩු කරන්න! උපාධිධාරීන්ට රස්සා දෙන්න! ගොවියන්ගේ අස්වැන්න මිලදී ගන්න! රෝහල්වලට උපකරණ-බෙහෙත් දෙන්න! දීපු පොරොන්දු ඉටු කරන්න! සල්ලි තිබිලත් ජනතාව අන්ත අසරණ වෙලා! අනුරගේ පැය හතරහමාරේ කතාවට විපක්ෂනායක සජිත් විනාඩි 33කින් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

November 11, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා කියා ජනවරම් 3ක ලබා ගත්තත් වත්මන් රජය අද රටේ ජනතාට දුක්ඛිත රටක් අසරණ ජීවිතයක් නිර්මාණය කර ඇති බවත් මේ රජය පසුගිය පාර්ලිමේන්තු අවසන් දිනයේ 2025 අයවැයේ භෞතික හා මූල්‍ය ප්‍රගතිය ප්‍රශ්න කළත් මේ සරල ප්‍රශ්නයට රජයට තවමත් පිළිතුරු දීමට නොහැකි වි ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් පැවසීය.Sri Lanka Latest News

2025 අයවැය යෝජනා බහුතරයක ප්‍රගතිය නෑ

ආංශික අධීක්ෂණ කාරක සභාවලට රජයේ නිලධාරීන් ලබා දුන් ප්‍රගතීන් අනුව පාසල් අධ්‍යාපනය නවීකරණය කරන්න රු. මි. 500ක් වෙන් කළත් 20%ක් පමණක් භාවිත කර ඇති බවත් උසස් ශ්‍රෙණිගත විශවවිද්‍යාලයක උපාධි පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව දීමට රු. මිලියන 200ක් වෙන් කළත් ප්‍රගතිය 15%ක් බවත් ඔ්ටිසම් දරුවන්ට දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කරන්න රු. මි. 250ක් වෙන් කළත් එහි ද ප්‍රගතිය 30%ක් බවත් ඔ්ටිසම් දරුවන්ට සෞඛ්‍ය අධ්‍යාපන හා සේවා පහසුකම් වැඩි කිරීමට රු. මි. 200ක් වෙන් කළත් ප්‍රගතිය 15%ක් බවත් කෘෂිකර්ම හා කර්මාන්ත අංශවල තරුණ ව්‍යවසාය සංවර්ධනයට රු. මි. 500ක් වෙන් කළත් එහි ප්‍රගතිය 45%ක්, ක්ෂේත්‍ර භෝග ප්‍රවර්ධනයට මිලියන 500ක් වෙන් කළත් ප්‍රගතිය 40ක් බවත් ක්‍රීඩා සංස්කෘතියක් සදහා රු. මි. 500ක් වෙන් කළත් ප්‍රගතිය 10%ක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජය අලුත් කඩවුණු පොරොන්දු මාලාවක් නිර්මාණය කළා

එසේම උතුරු පොල් ත්‍රීකෝණයට‌ රු. මි. 500ක් වෙන් කළත් ප්‍රගතිය 46%ක්, ඌන උපයෝජන ඉඩම් ආයෝජනවලට දීමට රු. මි. 250ක් වෙන් කළත් ප්‍රගතිය 10%ක් බවත් 2025 අයවැය ප්‍රගතිය මේ ආකාර වන විට 2026 අයවැය යෝජනාවලට යන කළ ගැන අමුතුවෙන් කිව නොහැකි බවත් ජනවරම් 3ක් ගෙන නිර්මාණය කළේ අලුත්ම මාදිලියේ සුපිරි ගණයේ කඩවුනු පොරොන්දු චිත්‍රපටියක් බවත් ජනතාව මේ ආකාරයෙන් රැවැටුවේ ඇයි ද කියා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රජය කරන්නේ විහිලු සැපයීම විතරයි

අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කිරීම, ණය තිරසරභාවය වෙනස් කිරීම, නව ගිවිසුමකට යන බව කිව්වත් ඒවාද නොකර දුප්පතුන් ගොවියන් කම්කරුවන් තරුණයන් ව්‍යවසායකයන් හා ව්‍යාපාර මෙන්ම වතු ප්‍රජාවද අනාථ කළ බවත් රාජ්‍ය සේවකයන් නිල ඇදුමින් දේශපාලන රැස්වීම්වලට ගෙනවිත් ඇන්දවූ බවත් අද වන විට ජනතාවට එදිනෙදා වේල් 3 පිරිමහ ගන්න නොමැති වුවත් රජයට විසදුම් නොමැති බවත් රජය කරන්නේ විහිලු සපයා බොරැ කීම බවත් රජය දේශපාලන පළිගැනීම් හරහා දේශපාලන පැවැත්ම ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අස්වැසුම ගන්න අසරණ ජනතාවටත් මේ රජය හිගන්නෝ කිව්වා

උපාධිධාරීන් 35000ක් රැකියා දෙන බවට පවසා මැතිවරණ 3දීම රැවටූ බවත් මේවට සාක්ෂි සාධක පවා ඇති බවත් ගුරු සංවර්ධන නිලධාරීන් පවා අසරණ කර ඇති බවත් තොරතුරු තාක්ෂණ රැකියා කරන අයට 15%ක බදු ගැසූ බවත් මොවුන් සියල්ල කළේ බොරුව බවත් මොවුන් පච දේශපාලනයේ කප්පිත්තන් බවට පත්ව ඇති බවත් විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් එයද නොවූ බවත් අපේ රටේ 25%ක් මේ වන විට දුප්පත් බවත් තවත් විශ්ලේෂකයන්ට අනුව 50%ක් බවත් දුප්පත් බවත් අස්වැසුම ඉල්ලන්නේ හිගමනේ යන ජනතාව කියා ආණ්ඩුවේ ඇමතිවරු කියන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

IMF එකේ පදයට නටන රජයක් මේක

දුප්පත්කම තුරන් කරන්න රජයට වැඩපිළිවෙළක් නොමැති වුවත් ආණ්ඩුවේ ඇමතිවරු ලැජ්ජා නැතිව දුප්පත් ජනතාව හිගන්නන් ගාණට දමා කතා කරන බවත් මේ රජය බොහෝම සුන්දර ආකාරයට අයි. එම්. එෆ් පදයට නටන බවත් මේ අයවැයේ කර්තෘවරයා වන්නේ ද අයි. එම්. එෆ් එක බවත් අද ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අද සහන නොමැති බවත් මැතිවරණ නිසා පරාටේ නීතිය තාවකාලිකව නැවැත්වුවත් ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකර ඇති මෙවැනි ගැටලු මැද අලුත් ණය ක්‍රමත් ඉදිරිපත් කරන බවත් අද විරැකියාවට විසදුම් නැති බවත් ඊට අමතරව පාසල් පවා වහන්න යන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ගෝඨාභය පොල් මැන්නා. අනුර කුමාර ලූණු මැන්නා

එදා ගෝඨාභය රාජපක්ෂ පොල් මැන්නා සේ වත්මන් රජය ලූණු ගෙඩියේ ප්‍රමාණය මනින බවත් පුංචි මිනිසා අමතක කර අද කැසිනෝ විවෘත කර කැසිනෝ කාරයන් රකින්න ආණ්ඩුව කටයුතු කරන බවත් මොවුන්ට නිර්ධන පන්තියේ සාමන්‍ය ජනතාව අමතක කර ඇති බවත් ජනතාව බදු බරින් මිරිකන පීඩනයක් ඇති කර ජනතාවගේ කරපිට හිසමත බදු බර පැටවීම සිදු කරන බවත් අනවශ්‍ය ලෙස බදු ගසා භාණ්ඩාගාරයේ සල්ලි පුරවා ඇති බවත් රජය IMF ඉලක්ක පවා ඉක්මවා ගොස් බදු ගසා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපිට පර්මිට් වාහන එපා

මන්ත්‍රීවරුන්ට පර්මිට් අවශ්‍ය නොවන බවත් බුද්ධිමතුන් වෘත්තීය වේදීන්ට මේ වාහන පර්මිට් දී ඔවුන් රට අතහැර යන එක වළක්වා ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් මේ රජය වැඩිපුර බදු ගසා ජනතාව අසරණ කර ජනවරම් 3ක් පාවා දී ඇති බවත් මේ නිසා වෙන් වෙනවද එකතු වෙනවාද බෙදෙනවා ද කියා විපක්ෂය තීන්දු කරන්නේ ජනතාව වෙනුවෙන් සිතා බවත් වරප්‍රසාද වෙනුවෙන් නොවන බවත් සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ මැද මාවත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

සජිත්ගේ නිල ඉන්දියන් ගමනේදී ලැබුණු ඉහළම පිළිගැනීමෙන් රනිල්ලා කුලප්පු වෙයි! ඉහළම නියෝගයකින් සජිත්ව වට්ටන්න කොන්ත්‍රාත්තුවක්! රනිල්ගේ මස්සිනාගේ ‘සන්ඩේ ටයිම්ස්’ පත්තරෙන් පළමු වටයේදී ගහන්න පටන් ගනී! දෙවැනි කොටස පටන් ගත්තේ හර්ෂද? VIDEO I Sri Lanka Latest News

Next Post

අයථා ලෙස වත්කම් රැස් කළාට කෙහෙළියගේ පුතාටත් අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.