ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත 21 වන සංශෝධනයේ අඩංගුව ඇති කරුණු මොනවාද යන්න සොයා බලා ඊට සහාය දැක්වීමට විපක්ෂය තීරණය කොට ඇත.
ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා විසින් ප්‍රකාශ කොට තිබුණේ ආණ්ඩුව 21 වන සංශෝධනය ගෙන ඒමට සැලසුම් කර ඇතැයි කියාය.
එහිදී විපක්ෂය පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව එම කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබද අධ්‍යයනය කිරීමට අවශ්‍ය බවකි.
මන්ද යත් ඒ හරහා සත්‍ය වශයෙන්ම ඒකාධිපති බලතල අඩු වන්නේද යන්න සොයා බැලිය යුතු බව විපක්ෂයේ අදහස වී තිබේ.
මෙම සාකච්ජාවට දිනේෂ් ගුණවර්ධණ, ඩලස් අලහප්පෙරුම, ලක්ෂ්මන් කිරිඇල්ල, එම්.ඒ. සුමන්දිරන් ඇතුලු පිරිසක් සහභාගීව සිටියහ.











