ගාල්ල මහ නගර සභාවේ අද (30) පැවති විශේෂ මහා සභා රැස්වීමේදී දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.Sri Lanka Latest News
නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟම සභා ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමගම සභාවේ උණුසුම් තත්ත්වයක් සිදුව තිබේ.
එහිදී “හොරා හොරා අපේ ඡන්ද මංකොල්ල කෑවා” යනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සියල්ල එක හඬින් ඝෝෂා කර ඇත.
මෙහිදී නගරාධිපතිවරයා න්‍යාය පත්‍රානුකූලව සභාවේ වැඩකටයුතු කරගෙන ගොස් ඇති අතර ඉන් අනතුරුව එළැඹි කාරක සභා අවස්ථාව නිවේදනය කරනවාත් සමගම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් වතුර බෝතල් රැගෙන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එය වඩාත් උත්සන්න වීමත් සමඟම සභාව පැය භාගයකට කල් තැබූ නගරාධිපතිවරයා සභාවෙන් බැස ගොස් ඇත.










