ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනයට පක්ෂව සහ විපක්ෂව මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර ගැනීම සදහා පමණක් නොව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විපක්ෂයට එක්කර ගැනීම සදහාද සාකච්ජා පැවැත්වෙමින් ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී මන්ත්‍රීවරුන්ට ලබා දිය හැකි මුදල් ප්‍රමාණයන් පිළිබදවද සාකච්ජා මේසයන්හි කතාබහට ලක්වෙමින් පවතින බව එම ආරංචිමාර්ග සදහන් කරයි.
මීට පෙර අවස්ථාවලදීද අයවැය අතරතුර මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කළ අතර එහිදීද විශාල මුදල් ප්‍රමාණයන් එහාමෙහා වූ බවට ආරංචි පැතිර ගොස් තිබිණ.
ලබන 12 වැනිදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.










