සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය.Sri Lanka Latest News
‘‘රුපියල අවප්‍රමාණය වීමත් සමඟ ජීවන වියදම සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතිනවා. ඒ වගේම ඖෂධ සඳහා තිබෙන වැට් බද්ද අඩු කරන බව පැවැසූ ආණ්ඩුව ලංකාවට ඖෂධ ආනයනය කරන්නේ නැහැ. කෙසේ නමුත් රුපියල සියයට 5 කින් අවප්‍රමාණය වූ විට ලංකාවට ආනයනය කරන ඖෂධවල මිල නැවත වතාවක් සලකා බැලිය යුතු බවට 2015 නීතියක් ගෙන එනු ලැබුවා. නමුත් වර්තමාන ආණ්ඩුව සහ ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ ආනයනයේදී ඖෂධවල මිල සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳව කිසිදු සාකච්ඡාවක් හෝ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා නැහැ.
මේ වනවිට අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වැඩි වී තිබෙනවා , ප්‍රවාහන ගාස්තුවල මිල වැඩි වී තිබෙනවා. මේ සියල්ලගේම මිල ගණන් වැඩි වෙන්නේ රුපියල අවප්‍රමාණය වීමත් සමඟයි. ඒ වගේම රුපියල සියයට 5 කින් අවප්‍රමාණය වූ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඖෂධවල මිල ගණන් සංශෝධනය කිරීමට ඉඩ නොකිරිමෙන් විශාල අනතුරක් තිබෙනවා. මෙවැනි අවස්ථාවල ඖෂධ ආනයනකරුවන් ඖෂධ ආනයනය නොකරන්න ඉඩකඩක් තිබෙනවා. ඖෂධ ආනයනය නොකළහොත් රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවෙනවා. ඒ හරහා රටේ සාමාන්‍ය ජනතාවට දැඩි පීඩාවකට පත් වෙනවා. ඒ වගේම 355 ක් වු ඩොලරය 336 ක් දක්වා අඩු කර ගැනීමට හැකියාව ලැබුණ බවට ආණ්ඩුව පම්පෝරි ගසමින් සිටිනවා. කෙසේ නමුත් ඩොලරය අඩු වෙනවානම් එය රටට හොද දෙයක්. ඒ වගේම ඩොලරය පාලනය කරන්න සිදු වන්නේ වෙළඳපොලේ විශ්වාසයත් සමඟයි. කෙසේ නමුත් වෙළඳපොල තුල ඇතිවී තිබෙන්නේ තාවකාලික සමතුලිතතාවයක්.
ඒ වගේම මැයි මාසයේදී රටට ඩොලර් මිලියන 521 ක ඉන්ධන ආනයනය කර තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන මුදල්වලින් මාස දෙකක ඉන්ධන ගෙන ඒමට ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම රටේ වෙළඳ ශ්‍රේෂය ඩොලර් මිලියන 200 කට වඩා වැඩි වෙනවා. ඒ නිසා මේ සඳහා දීර්ඝ කාලික විසඳුමක් සෙවීම සඳහා තාවකාලික ණය ගැනීම නතර කළ යුතුයි. ඒ වගේම ගල්ෆ් කලාපයේ ඇති වී තිබෙන යුධමය වාතාවරණයත් සමඟ ගල්ෆ් කලාපයේ ආර්ථිකය සියයට 30 කින් පමණ පහලට වැටෙන බව ආර්ථික විශේෂඥයින් ප්‍රකාශ කර තිබෙනවා. එවැන්නක් සිදුවුවහොත් විදේශ ශ්‍රමිකයින්ගේ රැකියා අවදානමකට ලක් වෙනවා. එය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණවලට බලපානු ලබනවා. ඒ නිසා මෙම ප්‍රශ්න සඳහා දීර්ඝ කාලින විසදුම් සෙවිය යුතුයි.
කෙසේ නමුත් රටේ ආර්ථික ප්‍රශ්න සඳහා දීර්ඝ කාලින විසදුම් සෙවීමට නොහැකිනම් ආයෝජකයන් කැඳවා ආයෝජන ඇති කිරීම හරහා පමණයි ආර්ථික ප්‍රශ්නයට විසදුමක් සෙවීමට හැකියාව තිබෙන්නේ. ඒ වගේම රටට ඩොලර් එවීමේදී නීති විරෝධි මාර්ගයෙන් මුදල් එවන්නේ නැතිව නිල බැංකු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් එවන්නැයි සමගි ජනබලවේගය විදේශ ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ සිදුවුවහොත් රටේ ආර්ථික කඩාවැටීම යම්තාක් දුරකට වළක්වාගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම රටේ ආර්ථික ගැටලුවලට තාවකාලික පැලැස්තර විසදුම් ලබානොදී ස්ථිර විසදුම් සෙවීමට රජය කටයුතු කළ යුතුයි.
ඒ වගේම ඛණිජ නීතිගත සංස්ථාවට ඩීසල් ලීටරයක් නිෂ්පාදනය කිරීම රුපියල් 561 ක් වැයවෙනවා. ඒ වගේම ඩිසල් ලිටරයක් සඳහා ආණ්ඩුව රුපියල් 163 ක බද්දක් අය කරනු ලබනවා. ඒ අනුව ඩිසල් ලිටරයක් රුපියල් 750 ක් පමණ වෙනවා. ඒ වගේම ඛණිජ නීතිගත සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 492 ක ක් ලැබෙනවා. මේ ආකාරයට ඉන්ධන මිල වැඩිවීමේදී , ආනයනික භාණ්ඩවල මිල වැඩිවීමේදී ආර්ථිකය හකුළුවන්න රුපවාහිණි , ශිතකරණ , විදුලිපංකා ගෙන ඒමේ තහනමක් පනවන්න හැකියාවක් තිබෙනවා. එසේ සිදුනොකළහොත් ඩොලර් හිඟය පියවා ගැනීමට නොහැකියි.
ඒ වගේම ලබන වසරේ මාර්තු මාසයෙන් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව අත්සන් කළ ගිවිසුම අවසන් වෙනවා. ඒ නිසා ආණ්ඩුවට ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ නැවත ගිවිසුමක් ඇති කර ගැනීමට සිදුවෙනවා. කෙසේ නමුත් දීර්ඝ කාලින ආදායම් ලබා ගැනීමට රටේ ජනතාව පීඩාවට පත් නොකළ යුතුයි. ඩොලර් ආදායම වැඩි කර ගැනීමට නම් ආයෝජන ගෙන ඒමට රජය වහාම කටයුතු කළ යුතුයි. කෙසේ නමුත් ආණ්ඩුවේ තක්කඩි වැඩපිළිවෙළ හේතුවෙන් ඩොලරයට සාපෙක්ෂව රුපියල රුලියලකින් අවප්‍රමාණය වුණොත් ණය බර බිලියන 40 කින් වැඩිවෙනවා. ඩොලරයට සාපෙක්ෂව රුපියල රුපියල් 10 කින් අවප්‍රමාණය වුණොත් ණය බර බිලියන 400 කින් වැඩිවෙනවා. ඒ වගේම ආණ්ඩුව ජාතික ජනබලවේගය භාර ගන්නා විට ඩොලරය 292 ක් ලෙසයි පැවැතුනේ. මේ වනවිට ඩොලරය 336 ක් වෙනවා. ඒ අනුව ඩොලරය රුපියල් 44 කින් වැඩි වී තිබෙනවා. ඒ අනුව රටේ ණය බර රුපියල් බිලියන 1600 කින් පමණ වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම රුපියලට සාපෙක්ෂව ඩොලර් 250 ට පැමිණෙනවාට සමගි ජනබලවේගය කැමැතියි. නමුත් එය සිදුකරන්න ආණ්ඩුව හැකියාවක් නැහැ. ඒ වගේම ජාතික ජනබලවේගය ආණ්ඩුව භාර ගත් දා සිට කොළඹ කොටස් වෙළඳපොලට පැමිණ තිබෙන්නේ ඩොලර් මිලියන 10 ක් පමණයි. එක ආයෝජකයෙක් ගෙන ඒමට ආණ්ඩුව හැකියාවක් ලැබිලා නැහැ.
ඒ වගේම පවතින ආණ්ඩුවට වැඩ කටයුතු කරගෙන යාමට ඉඩ නොදුන්නේ වර්තමාන ආණ්ඩුවේ සිටින පිරිසයි. නමුත් සමගි ජනබලවේගය මෙම කාලය තුළ ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයේ කිසිදු වැඩ වර්ජනයක් සිදුකළේ නැහැ. රටේ ආර්ථිකය කඩාකප්පල් කරන්න සමගි ජනබලවේගය කටයුතු කරලා නැහැ. නමුත් ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළගස්වන්න ඉදිරියේදී සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතුයි. ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුණ පරිදි මාස 20 ක් ආණ්ඩුකරණය සිදුකර තිබෙනවාදැයි බලා ගැනීමට පළාත් සභා මැතිවරයෙන් හැකියාව තිබෙනවා. ඒ වගේම රටේ ජනතාවට පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ලැබී තිබෙනවාදැයි පරික්ෂා කර ගැනීමට පළාත් සභා මැතිවරණයෙන් හැකියාවක් තිබෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා රටේ ලේකම්වරයා නෙවෙයි. රටේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තිරණ කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාට හැකියාවක් නැහැ. කෙසේ නමුත් පළාත් සභා මැතිවරණයට සමගි ජනබලවේගය ඕනෑම අවස්ථාවක සූදානම්. නමුත් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන්න බියක් දක්වනවා.‘‘










