පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.Sri Lanka Latest News
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ මෙම වෙඩිතැබීමේ ඉලක්කය වී ඇත්තේ, පෑලියගොඩ මාළු වෙළෙඳ සංකිර්ණයේ කම්කරුවෙකු බව පොලීසිය පැවසීය.
එහිදී මාර්ගයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකුට ද වෙඩි වැදී තිබුණි.
වෙඩි වැදිමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස එක් අයෙකු මියගොස් තිබේ.










