• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පත්තර රස්සාවේ නොමැරී බේරුණු මරු කපොලු දෙකක්! එකක් උඩවලවේදී! ඊළඟ එක කොළඹදී! Sri Lanka Latest News

April 11, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පත්තර රස්සාවේ නොමැරී බේරුණු මරු කපොලු දෙකක්! එකක් උඩවලවේදී! ඊළඟ එක කොළඹදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාධ්‍ය ජීවිතයේ අවදානම් කපොලු අතරින් පැනගත් අවස්ථා මතකයට නැගෙන විට එදා සහ අද අතර පවතින වෙනස්කම් අහසට පොළොව තරම් දුරස්ථභාවයකින් යුතු යැයි කීම අතිශයෝක්තියක් නොවේ. මා එසේ උපමා දක්වන්නේ 1965 වසරේ සිට මේ දක්වා දශක කීපයක රජ කළ නීතිය වල්වැදී දේශපාලනයට යටවී තිබූ අවස්ථා තිබූ නිසාමය. ඒවාට ඕනෑ තරම් මාධ්‍ය බිලිගත් අවස්ථා තවමත් ජීවතුන් අතර සිටින පැරැන්නන්ගේ මතකයේ රැඳී පවතී. එවැනි සිද්ධීන් අදටත් ආවර්ජනය කරන්නේ ඒ යුගවල පැවැති රදළ පැලැන්තිවල නටබුන් තවමත් ඉතිරිව තිබෙන නිසාමය. මහජනයාට වධ දෙන ආර්ථිකයක් හැදීමට පිඹුරුපත් සැකසූ දේශපාලන පිල් පවා අතුගා දැමුවේද මාධ්‍ය පෑනෙන් සිදුකළ සටන් කලාව නිසාමය. ඒ පිළිබඳ සැඟවුණු අතීත තොරතුරු නව අවුරුදු සමයෙන් පසුව ‘මව්රට’ හරහා ගෙන ඒමට පෙර මෙවර මා ආපසු හැරී බැලුවේ මැදියම් රැයක උඩවලව වැව් බැම්ම ආසන්නයේ අඳුර රජවී තිබූ රැයක මැර පිරිසකට හසුවී බේරී ආ කතා පුවතක මතක සටහන් අවදි කිරීමටය. Sri Lanka Latest News

එම සිද්ධියට පසුබිම් වූයේ එවක ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා දුන් උපදෙසක් මත කතරගම ඇසළ උත්සවයේ ගිනි පෑගීමේ අවස්ථාව ඡායාරූපගත කිරීමට ගිය අවස්ථාවකි. සන්ඩේ ලීඩර් කතුවරයා දුන් උපදෙස වූයේ ගිනි පෑගීමේ අවස්ථාව ඡායාරූපගත කරගත් විගස එම ඡායාරූප රැගෙන මහ රෑම කොළඹ බලා පිටත්වන ලෙසයි. එම ඡායාරූප පුවත්පතේ පළකිරීමට හැකිවන පරිදි පසු දින අලුයම කොළඹට ළඟාවිය යුතු බව ඔහුගේ නියමය විය. එම දිනය සිකුරාදා දිනයක් විය. එදින රාත්‍රී 10ත් පසුව ගිනි පෑගීමේ උත්සවයේ ඡායාරුප ගත් අපේ කැමරා ශිල්පී පද්මසිරි ගමගේත් මමත් එදිනම රාත්‍රියේ ඇඹිලිපිටිය මාර්ගය ඔස්සේ උඩවලව හරහා කොළඹ බලා පිටත් වුණෙමු. අප කතරගම බලා යද්දී ඇඹිලිපිටියට නොයා උඩවලවේ වැව් බැම්ම උඩින් පිහිටා ඇති කෙටි මාර්ගය හරහා කතරගම මාර්ගයට පිවිසි නමුදු ආපසු යන විට එක සිද්ධියක් අපහට අමතක වීම නිසා මා හෙලිකරන්නට යන බරපතළ අවදානමට මුහුණ දීමට සිදුවිය. එනම් ඒ කාලයේ රාත්‍රී 9.00න් පසුව උඩවලවේ වැව් බැම්බ මතින් වැටී ඇති මාර්ගයට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව වසාදමන බවට දැන්වීමක් සවිකර තිබෙනු අප කතරගම යද්දී දුටුවද එය අපහට අමතක විය. එදින උඩවලවේ වැව් කණ්ඩිය අසලට අප පැමිණෙන විට වේලාව රාත්‍රී 11.00ත් පසුව තිබිණි. එහි සිටි ආරක්ෂක නිලධාරියා අපට දන්වා සිටියේ වැව් කණ්ඩියට පිටතින් ගමක් හරහා වැටී ඇති ගුරු පාරකින් හැරී කිලෝමීටර් හයක් ගිය තැන ඇඹිලිපිටියට ළඟාවිය හැකි බවයි. ඒ මාර්ගය ජන ශූන්‍ය පාළුව රජකරන මාර්ගයක් බව අපටද වැටහී ගියේ ටික දුරක් යන විටය.

ඒ අඳුරු මාර්ගයේ අපගේ වෑන් රථයේ විදුලි පහන් එළියෙන් මඟ එළිය කරගෙන කිලෝමීටර් එකහමාරක් පමණ යද්දී වෑන් රථය දෙසට විදුලි පන්දම් එළි දල්වාගත් පිරිසක් දිව එනු දක්නට ලැබිණි. ඒ සමගම එම මාර්ගයේ දකුණුපසට වන්නට පිහිටා තිබූ සුසාන භූමියක් අසල තොවිල් ගොටු, පෙරේත තටු සකස් කරගෙන පන්දම් එළියෙන් යාගයක් කරමින් සිටි පිරිසක් අපගේ වාහනය දුටු විගස ඒ අසල තබා තිබූ මිනී පෙට්ටියක්ද ඔසවාගෙන දිව යන්නට විය. යාගය කරමින් සිටි පිරිස ආරක්ෂා කරමින් සිටි තරුණයන් පිරිසක් විදුලි පන්දම් එල්ල කරමින් අපගේ වාහනය වටකර ගත්තේය. එහි සිටි දෙදෙනකු වෑන් රථයේ දොර බලෙන් විවෘත කරන්නට උත්සාහ ගන්නා විට මා ඉදිරිපස දොර විවෘත කොට ඔවුන්ට මගේ හැඳුනුම්පත පෙන්වා කීවේ පාර වැරැදුණු නිසා මේ මාර්ගයෙන් පැමිණි බවයි. අප, මිනී පෙට්ටියක් ඔසවාගෙන පිරිසක් දුවනවා දුටුවා මිස එම මිනී පෙට්ටිය තුළ මෘත ශරීරයක් තිබෙන බවක් නුදුටුවෙමු. එහෙත් එම පාළු ස්ථානයේ යාගයට අදාළ තටු, ගොටු ආදී පූජා භාණ්ඩ රාශියක් සාදා තිබූ ආකාරය දුටු විට අපට හැඟී ගියේ එම මිනී පෙට්ටියද මෑතකදී මියගිය අයකුගේ සිරුරක් සහිත වූවක් යැයි කියාය. පන්දම් විලක්කු අතින් ගත් පිරිසක් සමග මිනී පෙට්ටිය කැලෑ වදිද්දී ඔවුන්ගේ ආරක්ෂාවට සිටි පිරිස අප වටකරගෙන තිබිණි. අප ගමන් කළ වෑන් රථයට යකඩ පොලු පහරක් එල්ල කිරීමට එක් අයකු සූදානම් වෙද්දී එහි සිටි වැඩිහිටියකු ඉදිරියට පැන එය වැළැක්වීය. අප වටකරගත් මැර පිරිස අප කවුදැයි හ`ඳුනාගත්තායින් පසු අපට යායුතු දුර ප්‍රමාණය සහ මාර්ගය කියාදී අපව නිදහස් කළේ පැයකටත් අධික කාලයක් ගතවෙද්දීය.

එම බලි තොවිල් කරමින් සිටි පිරිස අපගේ වෑන් රථය පැමිණෙන විට සිතා ඇත්තේ ඔවුන් සොයා පොලිස් ජීප් රථයක් එන බවටය. එහෙත් අපට ප්‍රශ්නයක් වූයේ කීපදෙනකු ඔසවාගෙන දුවන මිනී පෙට්ටියේ මළ සිරුරක් තිබුණේද යන්නය. එහි මළ සිරුරක් නොමැති නම් දිවයෑමේ අවශ්‍යතාවක් නැතැයි යන ප්‍රශ්නයද මා සිතේ ඉතිරිව තිබිණි. කෙසේ වෙතත්, දකුණු පළාතේ ගුරුකම් කරන ඇතැම් කට්ටඬින් සොහොන්වල රැඳෙමින් ගුරුකම් කරන බවට පැතිර පවත්නා තොරතුරුවල සත්‍යයක් ඇතැයි මා තනිවම නිගමනයකට බැස ගතිමි.

මාධ්‍ය ජීවිතයේදී මගේ ජීවිතය අවදානමට ලක්වූ තවත් එවැනි අවස්ථාවක් ගැන ඔබට සඳහන් කරන්නට අදහස් කරමි. එම කාලවකවානුව මගේ මතකයෙන් ගිලිහී තිබුණද එය කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී මුස්ලිම් ජනතාව අතර ඇතිවූ කලබලකාරී අවස්ථාවක් බව සඳහන් කළ හැකිය. එම සිද්ධිය වූ සමයේ දකුණු කොළඹ ප්‍රදේශය භාරව සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.සී.එම්. ගෆූර් මහතාය. ඒ අනුව එම කලබලකාරී අවස්ථාවේ කොම්පඤ්ඤවීදය ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට කැඳවා තිබුණේ ඒ මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක විශේෂ කැරැලි මර්දන කණ්ඩායමකි. ගෆූර් යනු හැඩිදැඩි දේහධාරී පොලිස් නිලධාරියකු බව ඔහු දැක ඇති පැරැන්නන් දන්නා කරුණකි. එතරම් දේහධාරී පොලිස් නිලධාරියකු එවක පොලිසියේ නොසිටි තරම්ය. ඒ නිසාම ඕනෑම කලබලකාරී අවස්ථාවක් හෝ සිසු විරෝධතා පෙළපාළියක් විසුරුවා හැරීමට කැඳවන්නේ ඔහුවය. ඔහුගේ ශරීරයේ විශාලත්වය තරමට ඔහුගේ හඬද ඉතා රළුය. ඕනෑම කලහකාරී පිරිසක් ඔහුගේ ඒ හඬට බියක් දැක්වීය.

කොම්පඤ්ඤවීදියේ එදා ඇතිවූ නොසන්සුන්තාවට හේතු වූ පසුබිම සොයන්නට මම, ‘සන්’ පුවත්පතේ මාධ්‍යවේදියකුත් සමග එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් ආසන්නයේ ඒ වනවිට රැඳී සිටි පොලිස් අධිකාරී ගෆූර් අසලට ගියෙමු. ඔහු කවදත් අපේ මාධ්‍ය මිතුරකුව සිටියේය. අප එහි යෑමට පෙර අත්අඩංගුවට ගත් පිරිස ගැන ඔහුගෙන් විමසමින් සිටියදී එක් වරම ගඩොල් කැට ප්‍රහාරයක් ගෆූර් පැලඳ සිටි හෙල්මටය එල්ල විය. එය හෙල්මටයේ වදිනවාත් සමගම ක්‍රියාත්මක වූ ගෆූර් අප දෙදෙනා ගල් ප්‍රහාරවලින් බේරාගෙන අසල තිබූ හෝටලයට ආරක්ෂිතව ගෙනගොස් දැම්මේය. එසේ සිදුකොට ඔහු යළිත් එළියට එද්දී විරෝධතාකරුවන්ගෙන් තවත් ගල් වැස්සක් පොලිසිය දෙසට එල්ල විණි. ඒ සමගම පොලිස් අධිකාරී ගෆූර් සෙසු පොලිස් නිලධාරීන්ට මහ හඬින් ‘ෆයර්’ යනුවෙන් නියෝගයක් දුන්නේය. ඒ සමගම පොලිසිය ගල් ප්‍රහාර එල්ලවූ මහල් නිවාස දෙසට වෙඩි තැබුවේය. පසුව අපට දැනගන්නට ලැබුණේ එම අවස්ථාවේ මහල් නිවාසයේ ජනේලයකින් පිටත බලා සිටි කාන්තාවක් වෙඩි වැදී තුවාල ලබා ඇති බවය.

කෙසේ වෙතත් ගඩොල් ප්‍රහාරය එල්ල වෙද්දී මමත් මගේ මාධ්‍ය සගයාත් ගෆූර්ගේ දැවැන්ත සිරුරට මුවා නොවන්නට අපටද එදා බරපතළ තුවාල සිදුවීමට ඉඩ තිබිණි.
ගෆූර් ගැන පවසද්දී ඔහු, සිය නිල රථයේ වාඩිගත් විට එම රථයේ පැත්තක් වම්පසට ඇලවේ. ඒ, ඔහුගේ ශරීරයේ අධික බර නිසාය. ඔහුගේ මෝටර් රථය තුළ බැටන් පොලු තිහ හතළික්ද නිතරම තිබිණි. ඒ, මගදී සැකකටයුතු පුද්ගලයකුට නවතින ලෙස අණ කළ විට ඔහු පලාගියහොත් අතේ තිබෙන බැටන් පොලු කීපයකින් එම සැකකරුගේ පාදවලට දමාගැසීම සඳහාය. එම බැටන්පොලු සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන යන්නේ ගෆූර් පිටුපසින් එන ජීප් රථයේ සිටින පොලිස් නිලධාරීන්ය. 90 දශකයේ රට තුළ මහත් ආන්දෝලනයට ලක්වූ සූරියකන්ද සමූහ මිනී වළ පිළිබඳ පරීක්ෂණ පවත්වන්නට විශේෂ පොලිස් කණ්ඩායමක් සමග සූරියක්නදට පිටත්කර හැරුණේද මේ හැඩිදැඩි ඒ.සී.එම්. ගෆූර්ය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ඡන්දය අවුලකද? මැයි 6 ඡන්දය තියන්න පුළුවන් පළාත් පාලන ආයතන 336න් 250ක විතරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අප්‍රේල් 17 උදේ 9.30ට රනිල්ට අල්ලස් කොමිසමට එන්න කියයි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.