පවතින ඉන්ධන අර්බුදය හමුවේ පොලීසියට ලබාදෙන මාසික ඉන්ධන ප්‍රමාණය ඊයේ දිනයේ සිට සියයට 20 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
පොලිස්පතිවරයා විසින් ඊට අදාළ උපදෙස් කොට්ඨාශ භාර නිලධාරීන් සහ අධ්‍යක්ෂවරුන් වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
මීට පෙර සියලුම පොලිස් ස්ථාන හා ඒකකයන්ට අනියුක්ත එක් එක් වාහන හා යතුරුපැදි සඳහා වෙන් කර ඇති මාසික ඉන්ධන ලීටර් ප්‍රමාණය සියයට 15 ක් අඩු කර ලබාදෙන ලෙස ඉකුත් අප්‍රේල් 11 වනදා වන විට ද දන්වා තිබුණා.
එය තවත් සියයට 5 කින් වැඩි කර මාසික ඉන්ධන ප්‍රමාණය සමස්ථයක් ලෙස සියයට 20 කින් අඩු කිරීමටයි නියෝග කර ඇත්තේ.
මෙම ඉන්ධන සීමා කිරීම නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකයි.










