ද්විත්ව පුරවැසිභාවය අහෝසි කිරීමේ යෝජනාව තමන්ගේ යෝජනාවක් නොවන බවත්, එය ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාවක් බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී හෙතෙම මේ බව සඳහන් කොට තිබේ.
අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එය පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් පවා සම්මත කළ හැකි එකක් බවය.










