ඛනිජ තෙල් මිල යළි වැඩි නොවන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.Sri Lanka Latest News
ඔහු මෙසේ පැවසුවේ ආර්ථික කළමනාකරණය සඳහා නිවේදන 11 ක් ඉදිරිපත් කරමිනි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වගකීම භාණ්ඩාගාරය බාරගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාවේ වගකීම භාණ්ඩාගාරය විසින් බාරගනු ලැබුවා. ඒ වගකීම ආවරණය කිරීම සඳහා ජනවාරි 1 වැනි දා සිට රුපියල් 25ක නිෂ්පාදන බද්දක් පැනෙව්වා. නමුත් අදාළ ඉලක්කයට යන්න බැරිවුණ නිසා ජුනි මාසයේදී තවත් 25 ක බද්දක් පැනෙව්වා. ඒක වගකීම් ටික දරා ගැනීම වෙනුවෙන් අය කරපු මුදලක්. මේක ජුනි මාසයේ සිට ක්‍රියාත්මකයි. ඛනිජ තෙල් මිල වැඩි නොවන බව කියන්න කැමතියි. නැත්නම් එක එක කතා කියන්න පුළුවන් නෙ.










