මත්ද්‍රව්‍ය රැගෙන එන පිරිස් සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දීමෙන් පසු සිය නිවෙස්වලට රාත්‍රී කාලයේදී ගල් ප්‍රහාර එල්ල වූ බව මීගමුව වැල්ලමඩම වැසියෝ පවසති.Sri Lanka Latest News
ඔවුන් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ ඔවුන්ගේම නිවාස පරීක්ෂා කළ බවද ගම්වැසියෝ කියති.
ඊට එරෙහිව ඔවුන් ඊයේ දින උද්ඝෝෂනයක්ද කළ අතර එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියකු කියා සිටියේ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේදී ඇතැම්විට පොලිසිය ඇතුළෙන්ම බාධා පැමිණෙන බවකි.










