2024 සැප්තැම්බර් මාසයට කලින් ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත්, යම් හෙයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ජනවරමක් නොමැතිව තවදුරටත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා නොහැකි බවකි.
එමෙන්ම ආණ්ඩුව ඇතුළේ අර්බූද හේතුවෙන් පොලිස්පතිවරයා පත් කරගත නොහැකිව සිටින බව පෙන්වා දුන් පීරිස් මහතා ඊයේ දිනයේදී පොලිස්පතිවරයාගේ දිගුකළ නිල කාලය අවසන්ව තිබෙන බවත් පෙන්වා දුන්නේය.










