අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2022/23) ප්‍රතිඵල ලබන නොවැම්බර් මස අග නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවැසීය. (Sri Lanka Latest News)
එම ප්‍රතිඵල පරිගණකගත කිරීමේ කටයුතු මේ දිනවල කෙරෙන බවද ඔහු සඳහන් කළේය.
දත්ත එක් කෝටි හතළිස් ලක්ෂයක් පමණ පරිගණකගත කිරීමට ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අපොස සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මස 29 වැනිදා සිට ජුනි මස 8 වැනිදා දක්වා පැවැත්විණ.
lankadeepa










