කෙටි කාලයකින් රටේම අවධානය තමන් වෙත දිනාගැනීමට සමත්වූ දෙව්මි රන්සරා කුලතුංග දැරිය හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් තිබේ.
ADVERTISEMENT
උපතින්ම ස්නායු ආබාධයකින් පෙලුණු ඇය ශිෂ්‍යත්වය මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයද ඉහළින්ම සමත්වීමත් සමඟ රටේම අවධානය ඇය වෙත යොමුවිය.
සිය දෛවයට අභියෝග කරමින් අධ්‍යාපනයෙන් සුපිරි දස්කම් පෙන්වූ ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් ඇත.
ඇය මාතර බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටියේය.