රුපියල් 2,000ක් වැනි මුදලකට තම ඡායාරූපය සහිතව මුද්දරයක් මුද්‍රණය කරගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. (Sri Lanka Latest News)
ඒ අනුව එම මුදලට තම ඡායාරූපය සහිත මුද්දර 20කින් සමන්විත පත්‍රිකාවක් ලබාදෙන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා ප්‍රකාශ කරයි.
මුල්දින කවරයක් සහ මුද්දරයක් එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ (06) පෙරවරුවේ කොළඹදී එක්වෙමින් තැපැල්පතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා පෙන්වා දුන්නේ, “තමන්ගේ පිංතූරය දාලා මුද්දරයක් මුද්‍රණය කර ගන්න දැන් පුළුවන්. දැන් අපි අයකරන්නේ රුපියල් 2,000යි. මුද්දර 20ක පත්‍රයක් දෙනවා. තමන්ගේ උපන් දිනයට, තමන්ගේ යාළුවාගේ උපන් දිනයට, තමන්ගේ දුවගේ හෝ පුතාගේ විවාහ ඇරයුම්පත යවන්න ඒ දෙන්නාගේ පිංතූරය තිබෙන මුද්දරයක් ඇතිව යවන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් තැපැල් මුද්දරයක් විදියට භාවිත කරන්න පුළුවන්” යැයි සඳහන් කළේය.
dinamina









