ශ්‍රී ලංකාවේ පවුලක මේ වසරේ මාසික වියදම රුපියල් 76,124ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ 2023 අලුත්ම වාර්තා අනුව පෙනී යන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසා ඇත්තේ. Sri Lanka Latest News
සමීක්ෂණ දත්ත අනුව ශ්‍රී ලංකාවේ පවුලක මාසික වියදම පසුගිය වසරේ පැවතුණේ රුපියල් 63,820ක පමණ අගයක බවයි ඔහු සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාවේ පවුලක මාසික වියදමෙන් සියයට 53%ක් එනම් රුපියල් 40,632ක මුදලක් වැය කිරීමට සිදුව ඇත්තේ ආහාර සපයා ගැනීම සඳහා බව මහාචාර්යවරයා සඳහන් කරනවා. ඉතිරි රුපියල් 35,492 ක මුදල ( මුළු වියදමින් 47%ක්) වැය වන්නේ ආහාර නොවන අවශ්‍යතා සඳහා බවද ඔහු කියන්නේ.
මේ අතර ශ්‍රී ලංකාවේ පවුල් වලින් 60%ක ගේ මාසික ආදායම 2022 වර්ෂයට සාපේක්ෂව මේ වර්ෂයේදී පහළ ගොස් ඇති බව එම සංඛ්‍යා ලේඛනවල සඳහන් වන බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසන්නේ ලංකාවේ විවිධ රැකියා කරන (ශ්‍රම බලකාය) 20%ක ට ආසන්න පිරිසකගේ ආදායමෙන් 50%ක ට වැඩි ප්‍රමාණයක් අඩුවී ඇතැයි කියනවා. ශ්‍රී ලංකාවේ පවුල්වල ආහාර නොවන අවශ්‍යතා සඳහා වැයකරන මුදල් වලින් වැඩිම ප්‍රමාණයක් වැය කිරීමට සිදුවී ඇත්තේ ණය ආපසු ගෙවීම සඳහා බවත් එය ආහාර නොවන වියදම්වලින් 23%ක් බවත් ඔහු පවසනවා.
ආහාර නොවන අවශ්‍යතා සඳහා වැය කරන මුදලින් 14%ක් අධ්‍යාපනයටද 15%ක් වෛද්‍ය සහ සනිපාරක්ෂක කටයුතු සඳහාද 13%ක් ඉන්ධන සඳහාද 10%ක් ඇඳුම් පැළඳුම් සඳහාද 6%ක් ප්‍රවාහන වියදම් සඳහාද වෙන් කෙරෙන බවයි මහාචාර්යවරයා කියන්නේ.
ඔහු පවසන්නේ මේ වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 11.5 ක සෘණ ආර්ථික වර්ධනයක් ලැබීම හේතුවෙන් මේ උද්ධමනකාරී තත්වය මතුව තිබෙන බවයි.










