දැනට ලැබී ඇති විදෙස් ගමන් බලපත්‍ර තොගය සඳහා ටෝකන් නිකුත් කිරීම ඉදිරියේදී මාර්ගගත ක්‍රමවේදයකට අනුව සිදුකරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.Sri Lanka Latest News
අමාත්‍ය විජිත හේරත් මහතා කඩවත පැවති උත්සවයකින් පසුව මාධ්‍යයට අදහස් පළ කරමින් සඳහන් කර සිටියේ, හදිසි අවශ්‍යතාවයකට හැර නොවැම්බර් මාසය තුළ පාස්පෝට් ගැනීමට නොපැමිණෙන ලෙසය.
කෙසේ වෙතත් අදත් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටියහ.
ඇණවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර සීමාසහිතව නිකුත් කෙරෙන බැවින් අත්‍යවශ්‍යම කටයුතු වෙනුවෙන් පමණක් ප්‍රමුඛතාව දී ගමන් බලපත්‍ර ගැනීමට පැමිණෙන්නැයි රජය පසුගිය ඔක්තෝබර් 29 වැනිදා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
එහෙත් අද දිනයේත් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දිගු පෝලිම්වල ජනතාව රැඳී සිටිනු දක්නට ලැබුණි.
කියා සිටියේ දැනට ලැබී ඇති විදෙස් ගමන් බලපත්‍ර තොගය සඳහා ටෝකන් නිකුත් කිරීම ඉදිරියේදී මාර්ගගත ක්‍රමවේදයකට අනුව සිදුකරන බවය.










