දෙවන වරටත් උතුරේ ආණ්ඩුකාරවරිය ලෙස පත්වීම් ලැබූ පී.එම්.එස්. චාල්ස් මහත්මියට එරෙහිව උතුරේ වැසියන් විසින් විරෝධතාවක් පවත්වනු ලැබීය.
යාපනය නගර සභා කාර්යාලය අසල පැවැති මෙම විරෝධතාවයේදී විරෝධතාකරුවන් කියා සිටියේ පසුගිය වර රාජකාරී කරද්දී ඇගෙන් උතුරුට කීසිදු සේවයක් සිදු නොවූ බවකි.
ADVERTISEMENT
එමෙන්ම යළි ඇයට තනතුර ලබා දුන්නේ දක්ෂතාවය අනුව නොව මැතිවරණ කොමිසමේ සිටිමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයාට කළ සේවය වෙනුවෙන් බවද ඔවුහු කියා සිටියහ.
එමෙන්ම ඉකුත් සමයේ රාජකාරිය අතරතුර ඇය රැස්කළ දේපොළ සම්බන්ධයෙන් වහා විමර්ශනයක් කළ යුතු බවද ඔව්හු පෙන්වා දුන්හ.