තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාගේ දේශපාලන සන්ධානයට එක්වීමට නියමිත බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.Sri Lanka Latest News
“මම නිමල් ලාන්සාගේ සන්ධානයට එකතු වෙනවා කියලා හිතවත් කණ්ඩායම් කට කතා පතුරවනවා. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ පරම න්‍යාය පත්‍ර ඉටුකර ගැනීම සඳහා පමණයි” යැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති බණ්ඩාර මහතා ඩේලිමිරර් වෙබ් අඩවිය වෙත සදහන් කොට තිබේ.
“මම කාගේවත් සන්ධානයක කොටස්කරුවෙක් නොවන බව මම දැනටමත් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා.” යැයි හෙතෙම පවසා ඇත.
රට ගොඩ ඒමට ඇති එකම මග තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ දේශපාලනය කිරීමට අවස්ථාවක් ලබාදීම බවත් මෙය සිදු නොවුණහොත් තවත් විනාශයක් සිදුවනු ඇති බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත් බණ්ඩාර මහතා ජනතා විමුක්ති පෙරමුණ එහි ප්‍රචණ්ඩකාරී අතීත සහ වර්තමාන තත්ත්වය සමග තෝරාගැනීමක් නොවන බවද පැවසීය.
“පවතින දේශපාලන පක්‍ෂවලින් සහ ඒවායේ සාමාජිකයන්ගෙන් ජනතාව හෙම්බත් වී වෙහෙසට පත්ව සිටිති” යනුවෙන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
“රටට ස්ථාවරත්වයේ සේයාවක් ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමත් වී තිබෙනවා. මීළඟ ජනාධිපතිවරණය තෙක් ඔහු බලයේ සිටිය යුතුයි. එසේ නොවුවහොත් අරාජිකත්වය හා අවුල් වියවුල් ඇති වේවි,” ඔහු වැඩිදුරටත් පැවසීය.
“මේ රටට අත්‍යාවශ්‍යව තිබෙන ක්‍රම වෙනස යථාර්ථයක් විය හැක්කේ ස්ථාවර තරුණ නායකත්වයක් යටතේ පමණයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.










