• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබෙ එක්ක ජවිපෙ එක්ක කිසිම සාකච්ජාවක් නෑ -මාර්තු 6 වාසු! අපි ඉන්නෙ විශ්වාසභංගය ගේනකම් -අප්‍රේල් 27 වාසු! මාර වැඩේ වාසුට වුණේ! (VIDEO)

April 27, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
සජබෙ එක්ක ජවිපෙ එක්ක කිසිම සාකච්ජාවක් නෑ -මාර්තු 6 වාසු! අපි ඉන්නෙ විශ්වාසභංගය ගේනකම් -අප්‍රේල් 27 වාසු! මාර වැඩේ වාසුට වුණේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු වන වාසුදේව නානායක්කාර මහතා විසින් සිය දේශපාලන ස්ථාවරය වරින් වර වෙනස් කළ ආකාරයේ සිදුවීමක් පසුගිය සති කිහිපය තුළ දැකගන්නට හැකි විය.

ඒ මේ වනවිට කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙනි.

එහිදී මාර්තු 6 වැනි දින වාසුදේව නානායක්කාර මහතා සදහන් කරන්නේ තමන්ට සමගි ජන බලවේගය සමග කිසිදු සාකච්ජාවක් නොමැති බවත්, ඔවුන් සමග දේශපාලන ගනුදෙනුවක් නොමැති බවත්ය.

නමුත් අප්‍රේල් 27 මාධ්‍යට ප්‍රකාශයක් කරමින් ඔහු සදහන් කරන්නේ සමගි ජන බලවේගය විශ්වාසභංගය රැගෙන එන තෙක් තමන් බලා සිටින බවකි.

මාර්තු 6 වාසු

අප්‍රේල් 27 වාසු

බැසිල් රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ‘ඩීල්’ එකක් ඇති බවත්, ඒ අනුව ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒම මේ දක්වා සති 03ක් ප්‍රමාද කිරීමට ප්‍රේමදාස මහතා විසින් කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසීය.

හෙතෙම සඳහන් කර සිටියේ ‘පරණ රොටිය නැවත පෙරළීමක්’ දෙදෙනා විසින් සිදු කරන බවත්, එය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හරහා සිදුව ඇති බවට තමන් විශ්වාස කරන බවත්ය.

එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ධුරයෙන් ඉවත් වීමට කැමැත්තෙන් පසුවන නමුත් බැසිල් රාජපක්ෂ විසින් එය වළක්වා ඇති බවද නානායක්කාර පැවසීය.

ඒ අනුව බැසිල් රාජප්කෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලනය කරන අතරම සමඟි ජන බලවේගයද ඔහුගේ වැඩපිළිවෙළට ඇතුළත් කරගෙන ඇති බව නානායක්කාර සඳහන් කළේය.

හෙතෙම මේ බව පවසා සිටියේ කොළඹ, මරදානේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී (26දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

මාධ්‍ය – සජබ මෙහෙයවන්නේ බැසිල් විය හැකිද?එතුමාද කුමන්ත්‍රණය කරන්නේ?

වාසුදේව නානායක්කාර – බැසිල්ම තමයි.

මාධ්‍ය – ඒ කියන්නේ බැසිල් සහ සජිත් අතර ඩීල් එකක් තියෙනවා?

වාසුදේව නානායක්කාර – ඒක තමයි මම කියන්නේ. මම හිතන්නේ ඒක තියෙන්නේ හිටපු අගමැති හරහා. එයානේ පාර්ලිමේන්තුවේ මුලින්ම කිවුවේ දැන්ම විශ්වාසභංගය ගේන්න බෑ, පළමුව අලි සබ්‍රිට ඇහුම්කන් දෙමු කියලා. ආණ්ඩුවට එරෙහිව තදින්ම හිටපු අය තමයි දැන් බුරුල් වෙලා තියෙන්නේ. මම කියන්නම් ඇත්ත කතාව. ඡන්දයක් ලබා ගැනීම තමයි සජබ අරමුණ. සජබ දන්නවා එතනදි තමන්ට ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය සංඛ්‍යාවම ලැබෙන්නේ නෑ කියලා. එතකොට බැසිල් මහත්තයා කියනවා එහෙම අඩුවක් තියෙනවානම් ඒ අය මම පොහොට්ටුවෙන් දෙන්නම් කියලා.

මාධ්‍ය – පරණ රොටියමද අනිත් පැත්ත දාලා දෙන්නේ?

වාසුදේව නානායක්කාර – පරණ එකම අනිත් පැත්ත දාලා තමයි එන්නේ. බැසිල් මහත්තයායි, සජිත් මහත්තයායි රොටිය පෙරළනවා.

මාධ්‍ය – මැතිවරණය ගැන මොකද කියන්නේ?

වාසුදේව නානායක්කාර – අපි වෙනම තරග කරනවා. මන්ත්‍රීවරු 50ක් විතර ස්වාධීන වෙලා අපි එකතු කර ගත්තාවූ කණ්ඩායම තමයි අපේ සන්ධානය.

මාධ්‍ය – මෙච්චර රටේ විරෝධතා තියෙද්දි බැසිල් කොහොමද මේ තරම් ප්‍රබල වුණේ?බැසිල් හොයා ගන්නත් නෑනේ?

වාසුදේව නානායක්කාර – නමුත් එතුමා දැන් පවත්වාගෙන යන ආණ්ඩුවේ ඉන්න ප්‍රබල චරිතයනේ. මහින්ද මහත්තයාට අස් වෙන්න ඉඩ දෙන්නේ නැත්තෙත් එයානේ.

මාධ්‍ය- මහින්ද මහත්තයා අස් වෙන්න කැමතියි, බැසිල් ඉඩ දෙන්නේ නෑ. එහෙමද?

වාසුදේව නානායක්කාර – ඔව්. එහෙමනේ ඔය නවත්වාගෙන තියෙන්නේ. මේ මගේ තේරුම හොඳේ.

මාධ්‍ය – ඔබතුමාලට ප්‍රබලයෝ රැසක් ඉන්නවානේ. මුකුත් කරන්න බැරිද මේකට?

වාසුදේව නානායක්කාර – මුකුත් කරන්න බෑ. නීතියෙන් ඉඩක් නෑ. විශ්වාසභංග යෝජනාව ගෙනඒම හැර වෙන කරන්න දෙයක් නෑ. මේක හෙළිදරව් කිරීම පමණයි අනිත් පැත්තෙන් කරන්න පුළුවන්. ජනතාව ගෝඨාභයට යන්න කිව්වාට මෙහේ බැසිල් ආණ්ඩුව පවත්වාගෙන යනවා. දැනට ජනතාවට කියන්න තියෙන්නේ යන පාටක් නැති බවයි. ජනතාවට තියෙන්නේ ඒ වෙනුවෙන් බලපෑම් කරන්න. අඩු තරමේ යන්න කියලා මහින්ද මහත්තයාට ලියුම් එවන්න.

මාධ්‍ය – සජබ විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගේන්නේ නෑ කියලාද කියන්නේ ?

වාසුදේව නානායක්කාර – ගෙන එන්නේ නෑ කියන එක නොවෙයි, ගෙන ඒම නොයෙක් හේතු මත දැන් දක්වා සුමාන 03ක් පමා කරමින් තිබෙනවා. ආයෙත් පාර්ලිමේන්තුව තියෙන්නේ ලබන සුමානේ නොවෙයි ඊළඟ සුමානේ. මොකක් හරි දෙයක් වේවි කියලා ආණ්ඩුවට කල්දිදී ඉන්නවා. දැන් පෙට්‍රල් පෝලිමත් අඩුයි.විශ්වාසභංගායේදී අපිට තහවුරු වෙන්න ඕනෑ මන්ත්‍රී සංඛ්‍යාව. එහෙම නැතිව ඒක නොපිටට ගියොත් ඒක අපිට පාඩුවක්.

මාධ්‍ය – බැසිල්ට අනුව දැනුත් සජිත් අගමැති කරන්න පුළුවන්නේ?

වාසුදේව නානායක්කාර – සජිත්ව දැනට අගමැති කරන්න බෑ. මුලින්ම මේ ආණ්ඩුව අයින් කරන්න ඕනෑ. එයා බෑ කියලා තියෙනවානේ මේ ආණ්ඩුව එක්ක එකතු වෙන්න. සියලු දේවල් එයා කියන්නේ නොකෙරෙන විදියට.

මාධ්‍ය – මේ දේශපාලන පක්ෂ දෙකම පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂද?

වාසුදේව නානායක්කාර – එකක් පාලනය කරනවා. අනික තමන්ගේ වැඩපිළිවෙළට ඇතුල් කරගෙන තියෙන්නේ

SendShareShare
Previous Post

හොරා හොරා කනක හොරා…! හොරා හොරා ගෑස් හොරා..! පා ගමන උණුසුම් වෙයි! (VIDEO)

Next Post

හැරෙන තැපෑලෙන් වාසුගේ රෙදි ගැලවෙයි! සජබෙ ගේන්න හදන විශ්වාසභංගයට තාම අස්සන් කරලත් නෑ! ගෝඨා ගෙදර යවන දෝෂාභියෝගයට අස්සන තියන්නත් අභියෝගයක්! බැසිල් එක්ක දාපු ඩීලුත් එළියට එයි! (VIDEO)

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.