මේ වනවිට නැවත වතාවක් රට තුළ සීනි හිගයක් මතුව ඇති බව පාරිභෝගිකයෝ සදහන් කරති.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාරිභෝගිකයන් සදහන් කර සිටින්නේ ‘සීනිත් නෑ.. හාලුත් නෑ.. පිටිත් නෑ.. සිමෙන්තිත් නෑ.. ඉන්න හිතුන රටක යන්න හිතිලා තියෙන්නේ… යැයි කියාය.
ඒ අතර මේ වනවිට වැඩි මිලට සීනි විකුණන බවට පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි ලැබී ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි.
ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි.










