රට පුරා සැලකිය යුතු වැසි තත්ත්වයක් දැනට බලාපොරොත්තු විය නොහැකි බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ කරුණානායක මහතා පැවසීය. (Sri Lanka Latest News)
දැනට දැඩි නියඟය පවතින උතුර, නැගෙනහිර, උතුරුමැද, ඌව පළාත්වලට සැලකිය යුතු වැසි බලාපොරොත්තු විය හැක්කේ ඔක්තෝබර් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී බවද ඔහු සඳහන් කළේය.
නිරිතදිග මෝසම් වැසි සමය ( මැයි- සැප්තැම්බර්) ආරම්භවී ඇතත් එම වැසිවල සැලකිය යුතු අඩුවක් පවතින බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා. එල්නිනෝ තත්වය ඇතුළු විවිධ කරුණු මීට බලපාන්නට ඇතැයිද ප්‍රකාශ කළේය.
නිරිතදිග මෝසමෙන් වැසි ලැබෙන්නේ බස්නාහිර, මාතර ගාල්ල සබරගමුව, නුවරඑළිය,කුරුණෑගල සහ පුත්තලම යනාදී ප්‍රදේශවලට බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් දිවයිනේ සමහර ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
lankadeepa










