නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ බිල්පත් ගෙවීම් ප්‍රමාද වුව ද විදුලිය විසන්ධි නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
කෙසේ වෙතත් හැකියාව සහිත විදුලි පාරිභෝගයින්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ, ප්‍රමාදයකින් තොරව බිල්පත් ගෙවීමට කටයුතු කරන ලෙසයි.
බිල්පත් ගෙවීමට හැකියාව සහිත පිරිස් පවා ගෙවීම් සිදු නොකරන බවට පෙනී ගොස් ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.










