• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොස්ගොඩ සුජීගෙයි-හරක් කටාගෙයි කුඩු ලංකාවට බාපු කව්ද මේ බොබ් මාලි! දැන් රට ඇතුළේ කුඩු හිඟයක් ඇවිත්! CID SPECIAL

September 12, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
පොලිසියෙන් හොයන කිලෝ 288ක කුඩු ගෙනා මාලඹේ බොබ් මාලි!
Share on WhatsAppShare on Facebook

ඩුබායිහී රැදී සිටිමින් සිය බිරිය සහ දරුවන් සමග නිදහස් ජීවිතයක් ගතකරමින් ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවට මත්ද්‍රව්‍ය පොවන කොස්ගොඩ සුජීගේ දකුණු අත බඳු ගෝලයාව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත්තේය. මේ පුද්ගලයා අධික ලෙස අයිස් නැමැති මත්ද්‍රව්‍ය පානයට ඇබිබැහිවී සිටින ‘බොබ් මාලි’ යන අන්වර්ථ නමින් හඳුන්වන පුද්ගලයාය. ඔහුට බොබ් මාලි යැයි කියන්නේ බොබ් මාලි ලෙස කොණ්ඩය වවා, බොබ් මාලි අනුකරණය කරන්නෙක් වන නිසාය. බලපිටියේ සිය බලය ව්‍යාප්ත කරගෙන සිටින ඔහු දක්ෂ බෝට්ටු පදින්නෙකි. දකුණු මුහුදු තීරයෙන් ගොඩට ගෙන එන මත්කුඩු බිඳක් ඔහුගේ අනුදැනුම නොමැතිව ගොඩට එන්නේ නැති තරම්ය.

පොලීසිය ඉකුත් 08 වැනිදා රටේ සියලු ජනමාධ්‍ය වෙත මේ කියන බොබ් මාලිගේ ඡායාරූපයක් නිකුත් කළේය. ඒ, බොබ් මාලි අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතමිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වූ ආකාරයට පසුගිය 31 වැනිදා නාවික හමුදාව මහ මුහුදේදී අල්ලාගෙන බේරුවලට රැගෙන පැමිණි හෙරොයින් කිලෝ 288ට සම්බන්ධ සැකකරුවෙක් වන්නේ බොබ් මාලිය. ඔහු පදිංචිව සිටින්නේ යැයි සඳහන් වූයේ බත්තරමුල්ල සහ තලංගමය.

මෙම මාධ්‍ය නිවේදනය නිකුත් වන විට බොබ් මාලි සිටියේ සිය අනියම් බිරියගේ ඇල්පිටියේ පිහිටි නිවසේ සැඟවීය. හෙරොයින් තොගයක් පොලිසියට හසුවීමත් සමග පොලීසිය තමා පසුපස පන්නන බව ඔහු දැනගෙන තිබිණි. ඒ, ජාත්‍යන්තර මුහුදට ගොස් ඉරාන් නෞකාවකින් එම හෙරොයින් තොගය භාරගෙන ගොඩබිමට රැගෙන ඒමේ කටයුත්තට බෝට්ටුකරුවන් යොදන්නේ ඔහු වන නිසාය.

පොලිස් මාධ්‍ය අංශය නිකුත් කළ බොබ් මාලිගේ ඡායාරූපය පැය කිහිපයක් ඇතුළත වෙබ් අඩවි සහ සමාජ ජාල ඔස්සේ හුවමාරුවන විට බොබ් මාලි තීරණය කරන්නේ සිය ස්වරූපය වෙනස් කරන්නටය. සිය පණ මෙන් අවුරුදු ගානක් රැකගත්, බොබ් මාලි අනුකරණය කරමින් දිගට වැවූ සිය කොණ්ඩය කපා දැම්මේය. එහෙත් ඔහුට පොලිස් ඇසට වැලිගසා පළායන්නට ඉඩක් නොවීය. 09 වැනිදා අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය ඔහු සැඟවී සිටි තැනින් කොටුකර ගන්නේ විද්‍යාත්මක විමර්ශනයකින්ද අනතුරුවය.

පොලිස් මාධ්‍ය අංශය බොබ් මාලිගේ ඡායාරූපය ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් ලෙස ප්‍රසිද්ධ කරන විට ඊට සති දෙක තුනකට පෙර ඔහුව අහුංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට කොටුවී තිබුණේ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටියදීය. එම අවස්ථාවේදී ඔහු සතුව සැටලයිට් දුරකතනයක්ද තිබී ඇත. එම දුරකතනය ගැන ඔහුගෙන් ප්‍රශ්න කරන විට ඊට ඔහුගේ පිළිතුර වී තිබුණේ බහුදින යාත්‍රා මගින් මසුන් අල්ලන්නට ඈත දියඹට යන බැවින් එහිදී පරිහරණය කිරීමට එම දුරකතනය තමා සන්තකයේ තබාගෙන සිටි බවය. එහෙත් එම දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කර නොතිබුණු බැවින් ඒ ගැන පොලිස් නිලධාරීන්ට ඇතිවන්නේ සැකයකි. එබැවින් රාජ්‍ය බුද්ධි සේවයට මේ ගැන දැනුම්දීමට අහුංගල්ල පොලීසියයේ නිලධාරීන් වගබලා ගත්තේය. ඒ අනුව බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් අහුංගල්ලට පැමිණ බොබ් මාලිගෙන් ප්‍රශ්න කරන්නේ සැලටයිට් දුරකතනයද ඔවුන් භාරයට ගනිමිනි. එම දුරකතනය ඔහු යොදා ගන්නේ මුහුදු රක්ෂාව සඳහා නොව, මත්කුඩු ජාවාරම සඳහා බව හෙළිවන්නේ එවිටය.

සූක්ෂ්ම ප්‍රශ්නකිරීම් හමුවේ ඔහු දකුණු මුහුදු තීරයේ ගොඩදාන මත්ද්‍රව්‍ය ගැන දැවැන්ත හෙළිදරව්වක් කරන්නේ ‘හරක් කටා’ද තමාගේ සහාය ලබාගන්නා බව කියමිනි.
බොබ් මාලි යනු කොස්ගොඩ සුජීගේ ගෝලයාය. හරන් කටා යනු සුජීගේ ප්‍රතිවාදියෙකි. එහෙත් මත්කුඩු ජාවාරමේදී ඔවුන් දෙදෙනාම බොබ් මාලිගේ සරණ යන බව ඒ අනුව පැහැදිලිය. බුද්ධි අංශ නිලධාරීන් බොහෝ තොරතුරු බොබ් මාලිගෙන් හෙළිකර ගත්තේය. කෙසේ වෙතත් බේරුවලින් ගොඩබාන නාවික හමුදාව විසින් මහ මුහුදේදී අල්ලාගත් හෙරොයින් කිලෝ 288 ගැන ඔත්තුව නම් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගෙන් බව අමතක නොකළ යුතුය. එම මත්කුඩු තොගය අල්ලන්නේ බොබ් මාලිගෙන් බුද්ධි නිලධාරීන් ප්‍රශ්න කිරීමෙන් පසුව බොබ් මාලි සති දෙකක් බන්ධනාගාරගතව නිදහස ලැබීමෙන්ද අනතුරුවය.

හෙරෙයින් කිලෝ 288 එසේ දකුණු මුහුදු තීරයේදී අල්ලාගන්නා විට පකිස්තානයේ සිට හෙරොයින් බෙදමින් යාත්‍රා කරමින් තිබූ බහුදින යාත්‍රාවක්ද පකිස්තානුවන් 07 දෙනකු සමග නාවික හමුදා අත්අඩංගුවට ගත්තේය. ඊට ඔත්තුව ලැබුණේ මඩකළපුව පොලීසියට අනුයුක්තව සේවය කරන නිලධාරියකුගෙන්ය. කලක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවය කළ නමගිය නිලධාරියෙක් වන ඔහුට පසු කාලයේ මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් ස්ථාන මාරුවීමක් ලබාදී තිබුණි. එම නිලධාරියාට එම මත්ද්‍රව්‍ය පැටවූ බහුදින යාත්‍රාව ගැන තොරතුර ලැබෙන්නේ එම බෝට්ටුවට පකිස්තානයේදී මත්කුඩු පටවද්දීමය. ඒ ගැන ඔහු නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාට කීවේය. කලක් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාව සිටි කමල් සිල්වා සීනි කන්ටේනර් තුළ සඟවා මෙරටට රැගෙන එන කොකේන් ජාවාරමට නැවතීමේ තිත තැබූ නිලධාරියෙකි. වරක් ඔහු කොළඹ වරායේදී නෞකාවක සැඟවූ’කන්ටේනර් පෙට්ටියකින් කොකේන් කිලෝ 1000ක් සොයාගත්තේය. ඒ, මෙරට ඉතිහසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම එය බව සනිටුහන් කරමිනි.

තමා යටතේ සේවයේ නිරතව සිටින නිලධාරියාට ලද මෙම මත්කුඩු තොගය සම්බන්ධයෙන් වූ තොරතුර කමල් සිල්වා තීරණය කරන්නේ මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලබාදී, ඒ ඔස්සේ වැටලීමක් දියත් කරන්නටය. නමුත් එම බෝට්ටුව අපේ රටට එන එකක්ද නැති නම් වෙනත් රටකට ගමන් කරමින් සිටින්නක්ද යන්න පැහැදිලි නොවීය. එහෙත් බෝට්ටුවේ ගමන් මාර්ගය ගැන පැහැදිලි තොරතුරු එම නිලධාරියාට ලැබී තිබුණේය. ජාත්‍යන්තර ඒජන්සියකද සහාය ගනිමින් චන්ද්‍රිකා ඡායාරූප මගින් එම බෝට්ටුව නිරීක්ෂණය කරමින් එය මත්ද්‍රව්‍ය සමග අල්ලාගෙන ගොඩබිමට රැගෙන ඒමේ වගකීම පැවරෙන්නේ නාවික හමුදාවටය. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මේ ගැන පැවැසූ ආකාරයට හෙරොයින් කිලෝ 330ක් සමග එම බෝට්ටුව අල්ලාගන්නේ මාලදිවයිනටත් එහාට ගොසිනි. දින ගණනාවක් පුරාවට රැක සිට එය අල්ලාගත් බව ආරක්ෂාක ලේකම්වරයා කීවේය.

එසේ අල්ලාගෙන පැමිණි බෝට්ටුවේ සිටි පකිස්තානුවන්ගෙන් එක් අයකුට කොවිඩ් ආසාදනය වී තිබීම නිසාත් ඔවුන්ට සිය මවු භාෂාව හැරුණු කොට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නොහැකි වීම නිසාම සිදුවන්නේ නිරෝධායනයට යොමුකරමින් බන්ධනාගාරගත කරන්නටය. මෙතරම් දුරක් නාවික හමුදාව මත්ද්‍රව්‍ය බෝට්ටුවක් හඹායමින් මෙයට පෙරද මත්ද්‍රව්‍ය වැටලීම් කර ඇතත්, මෙම වැටලීම සුවිශේෂය. ඒ, මත්කුඩු ජාවාරම්කරුවන්ට ලොකු පණිවුඩයක් මේ ඔස්සේ ලබාදෙන බැවිණි. ඒ අපේ මුහුදට එන්න පෙර මත්කුඩු ඇල්ලීමට ශක්තියක් අපට ඇතැයි කියාය. එසේම අපේ රටට ආවත් නැතත් පස්සෙන් පන්නා ගොස් අප මත්කුඩු අල්ලනවාය යන පණිවුඩයට ජාවාරම්කරුවන්ට ඒ තුළින් ගෙන ගියේය.

කෙසේ වෙතත් මෙම වැටලීම් සමග අමුතු ආකාරයකට මත්කුඩු හිඟයක්ද රට තුළ ඇතිවී තිබෙන බවක් පෙනෙන්ට ඇත. ඒ, ඇතැම් විට පසුගිය වසරවල හෙරොයින් තොග පිටින් ඇල්ලුවද සැබෑ ලෙසම ඒ අල්ලන්නේ පොලීසියට අල්ලන්නම ජාවාරම්කරුවන් එවන හෙරෙයින් තොග නිසා විය හැකිය. එවන් අනුමානයක් කරන්නට සිදුවන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පවා මේ වන විට මත්කුඩු ජාවාරමකට චෝදනා එල්ලවී හිරේ ලගින නිසාය. ඒ අය කර තිබුණේ කොටසක් අල්ලා කොටසක් ජාවාරම්කරුවන් අතට පත්කරීමකි. එසේම ඒ කාලය තුළ පොලිසිය තරගෙට මෙන් මත්කුඩු ඇල්ලුවත් මත්කුඩුවල හිඟයක් නොවීය. 2020 ආරම්භයේදී රුපියල් 1,500ට අලෙවි වූ මත්කුඩු පැකට් එකක මිල රුපියල් 500 ට ඒ කාලය තුළ පහළ බැස්සේය. එහෙත් ඒ මිල මෑතක සිට රුපියල් 1,500 දක්වා ඉහළ ගියේ මත්ද්‍රව්‍ය හිඟයක් ඇති බවට සාධකද සමගිනි. කොළඹ හා තදාසන්න නගර ආශ්‍රිතව පැල්පත් හා මුඩුක්කු පරිසරවල මත්කුඩුවලට ඇබිබැහි වූවන් උදේ සවස රංචුගැසී මත්කුඩු පැකට්ටුවක් සොයා පිස්සන් මෙන් ඒ මේ අත දිවයන හැටියට සැබෑ ලෙසම දැන් මත්කුඩු හිඟයක් රට තුළ ඇතැයි කියන්නට හැකිය. ඒ හිඟය ඇතිවී ඇත්තේද පසුගිය වසරේ මෙන් පොලිස් ලොක්කන් දේශපාලනඥයන්ගෙන් ලකුණු දාගැනීමට මත්කුඩු අල්ලන තරගයක්ද නැති නිසාය. මේ වසරේ මෙතෙක් මත්කුඩු කිලෝ 1,500කට වැඩි ප්‍රමාණයක් අල්ලා ඇති අතර, ඒවායින්ද කිලෝ 1,000ක් පමණ අල්ලා ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව එක්වය. අද වන විට හිඟයක් ඇතිව ඇත්තේ එදා මෙන් නොව, අද සැබෑ ලෙසම මත්කුඩු ජාවාරම්කරුවන් අතට පත්නොවී අල්ලන නිසා වන්නට හැකිය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

ලාෆ් ගෑස් ගැන අහද්දී බන්දුලට තදවෙයි! සාකච්ජාවෙන් නැගිට යයි! (VIDEO)

Next Post

ඇඳිරි නීති කාලෙදි ලයිට් කපන්නෙ නෑ! ඒත් බිල් ගෙවන්න!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.