ජනවාරි 31 දක්වා තනතුරේ රැදී නොසිට ජනවාරි 15 වන දිනට ප්‍රථම ඉවත් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආචාර්ය පී.බීී. ජයසුන්දර මහතා වෙත දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ.
‘ද මෝනිං’ පුවත්පත වාර්තා කර ඇත්තේ හැකි ඉක්මණින් ගාමිණී සෙනරත් මහතාට තනතුර බාර දීම සදහා මෙසේ ජනාධිපතිවරයා ජයසුන්දර මහතා වෙත දන්වා ඇති බවකි.
ජයසුන්දර මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය මීට සති තුනකට පෙර ජනාධිපතිවරයා වෙත යොමු කොට තිබුණත් එහි දාතම යොදා තිබුණේ ජනවාරි 31 වන දින තමන් ධූරයෙන් ඉවත් වන බවකි.










