මැයි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 ට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ, ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවයි.
නුවරඑළිය ප්‍රදේශයේ සිදු කෙරෙමින් පවතින අවිධිමත් සංවර්ධනය හේතුවෙන් නුවරඑළිය නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර එමගින් සංචාරක කර්මාන්කයට විශාල බලපෑමක් සිදුව ඇති බවයි.
නුවරඑළිය ප්‍රදේශයේ සිදුකෙරෙමින් පවතින අවිධිමත් සංවර්ධනය හේතුවෙන් නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩුවීම හමුවේ සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇති බව
කැබිනට් තීරණවල සඳහන් ය.
මේ හේතුවෙන් සංචාරක ක්ශේත්‍රයේ වර්ධනයට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කෙරෙන පරිදි සවිස්තරාත්මක සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මක් සකස්කිරීමටත්, නව ගොඩනැගිලි ඉදි කිරීම නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පත්කිරීමටත් අනුමැතිය හිමිව තිබේ.










