• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සල්ලි නෑ! අමාත්‍යංශ-දෙපාර්තමේන්තු ලොක්කන්ගේ ඉන්ධන-ෆෝන් බිල් කපන්න බැසිල් තීන්දු කරයි!

September 20, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
මහින්දයි-බැසිලුයි හමුවී ආණ්ඩුවේ පසුපෙළ කරපු දේ! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

පවතින වසංගත තත්ත්වය හමුවේ රජයේ ආදායම් පහළ වැටීම හේතුවෙන් අමාත්‍යංශවල වැය සීමා කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල සංදේශයක් මඟින් යෝජනා කර තිබේ.

ඒ අනුව අමාත්‍යංශවල හා දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ ඉන්ධන, දුරකථන ඇතුළු දීමනා රැසක් කපා හැරීමට යෝජනා කර තිබේ.

පවතින කොවිඩ්- 19 වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය ආදායම අපේක්ෂිත මට්ටමට වඩා පහළ වැටීම හේතුවෙන් එය රජයේ අත්‍යාවශ්‍ය වියදම් පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩල සංදේශයක් මඟින් පෙන්වා දි තිබේ.
‍
එම තත්ත්වය තුළ අමාත්‍යාංශවල වියදම් නැවත සමාලෝචනයට ලක් කිරීම මඟින් වියදම් සීමා කර ගැනීමට කටයුතු කිරීම වඩාත් ඵලදායි වන බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

ඒ සඳහා මුදල් අමාත්‍යවරයා විසින් යෝජනා 8ක් ද ඉදිරිපත් කර තිබේ.

*නියමිත අනුමැතීන් යටතේ ප්‍රතිපාදන වෙන්වී තිබුණද දැනට ආරම්භ කර නොමැති වැඩසටහන්, මිලදී ගැනීම්, ඉදිකිරීම්, ගොඩනැගිලි නවීකරණය හා වැඩිදියුණු කිරීම ආදිය තාවකාලිකව අත්හිටුවීමටත්,

*සේවක බඳවා ගැනීම සඳහා මූලික කටයුතු සිදුකර තිබුණද මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම් කල් තැබීමටත්,

*සුබසාධන වැඩසටහන් යටතේ ප්‍රතිලාභී ලේඛන සමාලෝචනයට ලක්කර අත්‍යාවශ්‍යෙයන්ම ප්‍රතිලාභ ලබාදිය යුතු අඩු ආදායම්ලාභීන්ට පමණක් සීමා කිරීමටත්, යෝජනා කර තිබේ.

*එමෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර නොමැති කිසිඳු දීමනාවක්, සුබසාධන වැඩසටහන්, සංවර්ධන සහයන් හෝ සහනාධාර ලබාදීම නතර කිරීමටත්, 

*අමාත්‍යංශ ලේකම්වරුන්ගේ, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතීන් යටතේ ගෙවනු ලබන වැටුප් නොවන දීමනා, බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම යනාදිය පොදුවේ සියලු නිලධාරීන්ට ලබාදීම වෙනුවට සත්‍ය වශයෙන් කාර්යයේ නියැලෙන නිලධාරීන්ට පමණක් සීමා කිරීමටත්,

*මූලධන සංවර්ධන වැඩසටහන් යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිතයෙන් සිදුකරනු ලබන විවිධ ද්‍රව්‍ය, භාණ්ඩ හා උපකරණ සහ මූල්‍ය ප්‍රදාන ලෙස දෙනු ලබන ආධාර බෙදාදීම අත්හිටුවීමටත්, යෝජනා කර තිබේ.

*අමාත්‍යංශවල සුවිශේෂ ප්‍රමුඛතාවලට සෘජුව අදාළ නොවන සියලුම ආකාරයේ වැඩසටහන් සඳහා වියදම් දැරීම වහාම අත්හිටුවීමටත්,

*නිලධාරින් සේවයට කැඳවන අවස්ථාවේදි නිලධාරීන්ගේ පැමිණිම පදනම් කරගත් ඉන්ධන දීමනා වැනි දීමනා සේවයට වාර්තා කරනු ලබන දිනවලදී පමණක් ලබා දීමටත්, මුදල් අමාත්‍යවරයා විසින් සිය කැබිනට් මණ්ඩල සංදේශයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම ක්‍රියාමාර්ග අනුගමනය කර එක් එක් අමාත්‍යංශ විසින් ඉතිරි කිරීමට අපේක්ෂිත අරමුදල් ප්‍රමාණය පිළිබඳ නොපමාව භාණ්ඩාගාරය වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරුන්ට නියම කරන ලෙසයි මුදල් අමාත්‍යවරයා ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටී.

මීට අදාළ චක්‍රෙල්ඛය ඉදිරි සතියේ දී නිකුත් කිරීමට නියමිත බවට වාර්තා වේ.

SendShareShare
Previous Post

අමෙරිකාවේදී ගෝඨාගෙන් කතා 3ක්!

Next Post

පන්දාහේ චක්‍රලේඛය එළියට!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.