• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මොන සද්දය දැම්මත් ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගන්නේ නෑ! Sri Lanka Latest News

August 30, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික භික්ෂු පෙරමුණ සංවිධාන කළ ජාතික භික්ෂු දිනය පසුගිය 26 වැනිදා අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ, එහිදී ජනාධිපතිවරයා පළකළ අදහස්වලින් කොටසකි.Sri Lanka Latest News

‘පැරණි විනාශකාරී ගමනෙම, ඒ ගලන ගඟේ ඔරුව ඒ දිශාවටම ඔහේ පාවෙන්න අත්හරිනවාද? මේක ආපහු හරවනවාද? මා අපේ හාමුදුරුවන් වහන්සේලා ඉදිරිපිට සපථ කරලා කියනවා, මේ විනාශකාරී ගමන තිර අදිටනින් යුතුව ආපහු හරවනවා. කරන්න ඕනෙ. කුමන ඝෝෂාවන් තිබුණත්, මේ තබන ලද පියවර ආපසු නොහරවන බව මම අපේ හාමුදුරුවන් වහන්සේලා ඉදිරිපිට සපථ කරලා කියනවා. ඒක අපි කරන්න ඕනෙ.

මෙය මා, මාගේ රජය මේ දේ කරන්නේ නැත්නම්, කිසිදු රාජ්‍යයක් ලංකාවේ යළි මේ වැඩේ කරන්නේ නෑ. කිසිදු ආණ්ඩුවක්. මේ වැඩේ මම කරනවා. මගේ ආණ්ඩුව කරනවා. සෑම දෙනාම නීතිය ඉදිරියේ සමාන විය යුතුයි. ඒක නීතියේ තියෙන පොදු සංකල්පයක්. සෑම දෙනාම නීතිය ඉදිරිපිට සමානයි. ඒ නිසා එවැනි සංස්කෘතියක් අපි හදනවා. ධනය, බලය, තනතුරු, ඉතිහාසය, විරාජමානව බලය හෙබවීම් කිසිවක් අදාළ නෑ. නීතිය ඉදිරියේ හැම දෙනාම සමානයි. අපේ රටේ කවර හෝ දිනක අපරාධයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ දිනක දූෂණයකට හවුල් වෙලා තිබෙනවා නම්, කවර හෝ දිනක බලය අයුතු ලෙස උපයෝගී කරගෙන තිබෙනවා නම්, කවර හෝ දිනක මහජනයාගේ ධනය රිසි සේ නාස්ති කොට තිබෙනවා නම්, සෑම කෙනාම නීතිය හමුවට ගෙන ඒම සඳහා උපරිම ප්‍රයත්න දරනවා. පළිගැනීම නෙවෙයි, දඩයම් කිරීම නෙවෙයි. මේ සමාජයට යළි නීතිය, යුක්තිය, සාධාරණත්වය පිළිබඳ හැඟීමක් සහ විශ්වාසයක් හදන්න ඕනෙ.

පොදු සමාජය අද නීතිය, යුක්තිය, සාධාරණත්වය පිළිබඳ විශ්වාසයක් නෑ. ‘ආ එයාට නම් එහෙම නීතිය වෙන්නේ නෑ, අපිට තමයි නීතිය’ ‘ආ එයා අහවලාගේ ඥාතියානෙ, එයාට නම් දඬුවමක් ලැබෙන්නේ නෑ. අපිට තමයි දඬුවම්….’ මෙහෙමනේ නීතිය පිළිබඳ තියෙන සංකල්පය. නීතිය පොදු සංකල්පයක්. නීතිය ඉදිරියේ සෑම දෙනාම සමානයි. හැබැයි නීතියේ භාවිතාව එක් එක් අයට එක් එක් ආකාරයට. අන්න ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා අපි පියවර තබනවා. අපි කිසිදු ආයතනයකට මැදිහත් වෙන්නේ නෑ. ඒ ආයතනවලට අපි එකයි කියන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඔබට අණපනත්වලින් සපයා දී තිබෙන බලය ඔබ ක්‍රියාත්මක කරන්න. නීතිපති දෙපාර්තමේන්තුව, අණපනත්වලින් පවරා තිබෙන බලය ක්‍රියාත්මක කරන්න. අධිකරණය, ඒක යුක්තිසහගතව විභාග කරන්න. අපි නිකන් දූෂිතයා හඳුන්වන්නේ නෑ. අධිකරණය විභාග කරන්න. විභාග කරලා තීරණය දෙන්නේ. ඒක අපේ ප්‍රයත්නය. අපි ඒ වැඩේ කරන්න ඕනෙ.

නීතිය කාටත් සාධාරණයි කිව්වහම කඩිගුල ඇවිස්සුණා වගේ. දකිනවනේ මේ දවස්වල. ඒගොල්ලො කියනවා නීතිය කාටත් සමාන වෙන්න බෑ, අපිට නීතිය. මොකක්ද දන්නෑ නේ. ආයි නිර්ප්‍රභූ අයට නීතිය, ප්‍රභූ අයට නීතිය බෑ. එහෙමනෙ කියන්නේ. නීතිය කාටත් සමානයි කියන එකට කඩිගුල ඇවිස්සුණා වගේ දඟලන්නේ ඇයි? ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඔවුන් අපරාධකාරයෙක් බව. ඔහුගේ හෘද සාක්ෂිය දන්නවා ඔහු වංචනිකයෙක් බව. එම නිසා නීතිය ඉදිරියේ හැම දෙනාම සමානයි කියන සංකල්පයට ආශීර්වාද කරන්න ඕනෙ. හැබැයි කලබල වෙන්නේ ඇයි? ඔහු දන්නවා ඔහු අපරාධකාරයෙක් බව. කලබල වෙනවා….’

Newsfirst.lk

SendShareShare
Previous Post

‘රනිල් රිමාන්ඩ්’ චිත්‍රපටිය පෙන්වා මිනිස්සුන්ගේ ඇස් වහලා ආණ්ඩුව ඒ දවස් හතරේ ගහපු ගේම දන්නවාද? මුතූර් ඉඩම් අදානිට දෙනවාට විරෝධය පළ කරපු අහිංසක ගොවීන්ට ගැහුවා! ගොවියො 6 දෙනෙක් අත්අඩංගුවට ගත්තා! විදුලි බල මණ්ඩලය කෑලි 4කට කඩලා විකුණුවා! උද්ඝෝෂණය කරන්න හිටපු ඇලහැර ගොවීන්ගේ ප්‍රශ්නය යටපත් කළා! VIDEO I Sri Lanka Latest News

Next Post

ටිපර් ත්‍රස්තවාදයට මුහුණ දෙන්න කොන්ද පණ නැත්තේ කාටද! Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.