• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටිපර් ත්‍රස්තවාදයට මුහුණ දෙන්න කොන්ද පණ නැත්තේ කාටද! Sri Lanka Latest News

August 30, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ටිපර් ත්‍රස්තවාදයට මුහුණ දෙන්න කොන්ද පණ නැත්තේ කාටද! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කුලියාපිටියේ අනතුරක් වුණා. මේ වෙද්දී පාසල් සිසුන් දෙන්නෙක් ඇතුළුව තුන්දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා ඉවරයි. අනතුර සිද්ධ වෙන්නේ පාසල් වෑන් රථයක් සහ ටිපර් එකක් එකිනෙක ගැටීමෙන්. දැනට ආරංචි වෙලා තියෙන විදිහට මුහුණට මුහුණ ගැටීමෙන්. වැරදි කවුද? හරි කවුද? කියන එක අපි දන්නේ නැහැ. හැබැයි වැරදි කවුරු වුණත්, ටිපර් එකක් වගේ හයිය තියෙන විශාල වාහනයක්, ඉස්කෝලේ ළමයි ඉස්කෝලේ යන වෙලාවේ පාරේ යවපු බූරුවා කවුද කියලා අපි කෙළින්ම අහනවා. මොකද, අපි දන්නවා එහෙම පාරේ යවන බූරුවෝ ලංකාවේ එකෙක් දෙන්නෙක් නෙමෙයි, ගොඩක් ඉන්නවා. ටිපර්වලට පාරේ යන්න පුළුවන් වෙලාවක් වෙන්කරන්න ඕනේ කියන එක ගැන තැන් තැන්වල, අගුපිල්වල අපි කතා කළාට මේක ප්‍රසිද්ධ වේදිකාවේ කිසි තැනක කතා කෙරෙන්නේ නැහැ. රනිල් බේරගන්න නීතිඥවරු පන්සීයක් ආවට, මේ වගේ ප්‍රශ්නෙකදී අහිංසක ළමයි, පාසල් වෑන් එකේ ඩ්‍රයිවර් මැරුණා කියලා කාගෙවත් හදවත් උණු වෙන්නේ නැහැ, කාටවත් රිදෙන්නේ නැහැ. හැමෝටම රිදෙන්නේ මහා එවුන්ට මොනවා හරි වුණාම විතරයි. ලොකු ඉස්කෝලවල වාහන අනතුරුවලට ලක්වුණාට පස්සේ හෙලිකොප්ටර් යවන්න අයියලා හිටියට, මේ වගේ තැනකදී හෙලිකොප්ටර්වලින් ලෙඩ්ඩු බේරගන්න එන්න මොකෙක්වත් නැහැ.Sri Lanka Latest News

අපි දන්නවා ටිපර් අයිතිකාරයන්ගෙන් 90%ක්ම සල්ලිකාරයෝ. මහ එවුන්, ලොකු එවුන්, මැරයෝ, අපරාධකාරයෝ, තක්කඩි, හොරු, සමහර වෙලාවට දේශපාලකයෝ. මේ අය තමයි ටිපර්වල අයිතිකාරයෝ. ඒ නිසා බය නැතුව පාරේ ටිපර් යනවා. ටිපර්වලට පාරේ තියෙන මාර්ග නීතිරීති අදාළ නැහැ. ඇයි ඒකට හේතුව? මේ අයියලා මල්ලිලාව, අඳුනන, දන්න අඳුනන ලොකු ලොකු මැති ඇමැතිවරුන්ගේ සහයෝගයෙන්, ඒගොල්ලොන්ගේ වැරදි මොනවා සිද්ධ වුණත් බේරගන්න පුළුවන් හින්දා. ටිපර්වලට වේග සීමා තියෙනවද? සාමාන්‍යයෙන් අතුරු පාරවල්වල පැයට කිලෝමීටර් 60ට, 70ට, 80ට වේගයෙන් යන ටිපර් දැකලා තියෙනවද? දැකලා තියෙනවා නම් එහෙම ටිපර් එකක් පාරේ ගියොත් ආයේ, යන්න නොදී ඉන්න. අතුරු පාරවල් වහලා දාන්න ටිපර්වලට යන්න බැරි වෙන්න. මොකද මේක සෙල්ලමක් නෙමෙයි.

ටිපර් එකක් කියලා කියන්නේ, සාමාන්‍යයෙන් පාරෙන් විශාල ප්‍රමාණයක් අයිති කරගෙන යන වාහනයක්. එතකොට ටිපර් එකක් මුහුණට එද්දි, මර බයෙන් පොඩි බයිසිකල්, ත්‍රීවීල්, පොඩි වාහන අයින් කරගන්නවා. ඒ මර බය තමයි, මේ ටිපර් එළවන තක්කඩින්ගේ ආතල් එක බවට පත්වෙලා තියෙන්නේ. තමුන් ටිපර් එකක් එළවනවා නම්, හිතාගෙන ඉන්න එපා, තමන් දෙවි කෙනෙක් වගේ, තමන් ඉහළින් ඉන්නේ, තමන්ට ලෝකේ පේන්නේ ඉහළින්, හැප්පුණාට මට මුකුත් වෙන්නේ නැහැ, වාහනේ හැප්පුණත් කොල්ලා බේරෙනවනේ කියලා වගේ ගොන් පාට් කියන්න එපා. ගොන් පාට් කියන එකෙකුගේ දත් දෙකක් තුනක් ගැලෙව්වා වුණත් පව් සිද්ධ වෙන්නේ නැහැ කියලයි ලියුම්කරුට හිතෙන්නේ. ඒකට හේතුව, අර ඉස්කෝලේ වෑන් එක ඇතුළේ මැරිලා හිටපු ළමයි දෙන්නගේ පින්තූරේ දැක්කට පස්සේ, හදවතක් තියෙන ඕනෑම මිනිහෙකුගේ හදවත උණු වෙනවා.

මේ විදිහට ටිපර්වලින් කරපු අනතුරු ප්‍රමාණය මේ ලිපිය පුරා ලියන්න ගියොත් එහෙම එකක් දෙකක් තුනක් හතරක් පහක් හයක් නෙමෙයි, පනහක් හැටක් හැත්තෑවක් තියෙනවා. ලෝකේ කොයි රටක වුණත් පාරවල්වල වැඩ කරනකොට, කොහෙන් හරි දේවල් ගෙනල්ලා බානකොට, ඒවා කරන ක්‍රමයක් තියෙනවා. විනයගරුක රටක හෙවි වෙහිකල් කියන ඒවාට යන්න වෙලාවක් වෙන් කරනවා. බොහෝ විට රාත්‍රී. ඒ කියන්නේ කාර්යබහුල නොවන වෙලාවට. දැන් මේක වෙලා තියෙන්නේ අතිශය කාර්යබහුල වෙලාවල්වලට, පොඩි පොඩි අතුරු පාරවල් දිගේ ටිපර් යනවා පෝලිමට. ඒ යන්නේ පැයට කිලෝමීටර් 70ට 80ට, සමහර විට ඊටත් වඩා වේගෙන්. එක දවසක් අපේ රථයක් අනතුරට ලක් වුණාම ඒ ටිපර් රථ රියැදුරා කිව්වා තමන් එක දවසට දෙපාරක් යනවා කියලා වැලි ලෝඩ් එකක් ගේන්න මනම්පිටියට, ගම්පහ ඉඳලා. එක රියැදුරයි ඉන්නේ. ඒ රියැදුරා වෙනුවට සහායකයෙක් නැහැ වාහනේ ඇතුළේ. කන්න, තේ එකක් බොන්න වෙලාවක් නැහැ, මිනිස්සුනේ එළවන්නේ, නිදිමතක් එන්න පුළුවන්. හැබැයි, ඒ කිසි දෙයක් අදාළ නැහැ. ‘බය නැතුව එළවපන් මම ඉන්නවා’ කියලා කියන මුදලාලිලයි, මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් බේරගන්න එන දේශපාලන හයියයි විතරයි මේගොල්ලන්ට තියෙන්නේ. ඒකට අලුත් ආණ්ඩු පත්වුණා, අර ආණ්ඩු පත්වුණා, මේ ආණ්ඩු පත්වුණා කියලා විසඳුමක් හම්බ වෙන්නෙත් නැහැ. මේ ආණ්ඩුවේ වැරදිත් නැහැ. හැබැයි, මේ ලිපිය ලියන මොහොත වෙද්දි ටිපර් රථ රියැදුරෙක් තවත් අනතුරක් කරලා ඉවරයි. ටිපර් එකට හානියක් නැහැ, රථයේ රියැදුරාට අවුලකුත් නැහැ. පොලිසියෙන් උසාවියෙන් එහෙන් මෙහෙන් ප්‍රශ්න ටික විසඳිලා, නඩු හබවලින් පස්සේ ආයෙත් මේ ටිපර් එක පාරේ දුවන්න පටන් අරගන්නවා. ඒ ටිපර් එක නැති වුණාට තව ටිපර් එකක් පාරේ දුවයි.

අපි දැකලා තියෙනවා, එක දිගට ටිපර් විසිපහ, තිහ, හතළිහ යන පාරවල්. එක දිගට යන්නේ ඒවා එක වේගෙට. පාරේ යන වාහන මර බයෙන් පාරෙන් ඒක අයින් කරගන්නවා වගේ විශ්වාසයෙන්, ටිපර් රථ රියැදුරෝ ඕනෙ වෙලාවක වාහනයක් මුහුණට දානවා. එහෙම ටිපර් රථ රියැදුරෙක්ව ඩෑෂ් කැමරාවෙන් වීඩියෝ කරලා දුන්නොත්, එහෙම ටිපර් රථ රියැදුරෙක් පාරේ වාහනෙකට වෙට්ටුවක් දාන්න යද්දි පාරේ ඉන්න මිනිහෙක්ගේ සීසීටීවී කැමරාවක වීඩියෝ වුණොත්, එහෙම තක්කඩි විදිහට වාහනය එළවන එකෙක්ව මොබයිල් ෆෝන් එකෙන් වීඩියෝ කරගන්න පුළුවන් වුණොත්, අපිට ඒවා පොලිසියට දීලා විසඳන්න පුළුවන්ද ප්‍රශ්නේ? පුළුවන් නම්, හැමෝම ඒවා වීඩියෝ කරන්න. හැමෝම ඒවා සමාජ මාධ්‍යවලට දාන්න. මේ ටිපර් කියන ත්‍රස්තවාදය වහාම නැති කරලා දාන්න ඕනේ. අපි කියන්නේ ටිපර් අයින් කරලා දාලා, ටිපර් පාරේ දුවන එක නවත්තලා, ටිපර් විකුණලා දාලා, ටිපර් රියැදුරන්ව පාරට ඇදලා දාලා, ටිපර් රියැදුරන්ගේ දරුවෝ මල්ලන්ට කන්න බොන්න නැති කරන්න කියලා නෙමෙයි. ඒවට ක්‍රමවේදයක් හදන්න. අපි දන්නවා හෙවි වෙහිකල් එකක් ගිහිල්ලා, මේ වගේ වාහනයක් ගිහිල්ලා හැප්පුණාම සිද්ධ වෙන්න පුළුවන් අනතුරේ ප්‍රමාණය වැඩියි, මියයාමේ සම්භාවිතාව වැඩියි.
තව දෙයක් තියෙනවා, මේ අනතුර සම්බන්ධයෙන් කතා කළොත්, ඒක තමයි, පාසල් වෑන් රථ කියන ඒවා කීයක් විනයගරුකව පාරේ යනවද කියන එකත් හොයලා බලන්න. ඔබේ දරුවාව දාලා තියෙන පාසල් වෑන් රථය, කෝච්චි පාරෙන්, කෝච්චියේ ගේට්ටුව වැහෙන තප්පරෙන් එහා පැත්තට දාලා ‘යේහ්…’ කියලා රියැදුරෙක් විසින් එළවනවද? එහෙම නැත්නම්, පාරේ යනකොට අරයට මෙයාට වෙට්ටු දාලා පොඩි ආතල් එකක් ගන්න රියැදුරෙක් එළවනවද? ඔහුගේ වයස කීයද? ඔහු ඉන්නේ මොන මත්ද්‍රව්‍ය අරගෙනද? මොනවා කරලාද කියන එක ගැන හොයලා බලන්න. මොකද, පහුගිය දවසක, අපි ඇස් දෙකෙන් දැක්කා, අවධානෙන් ඉස්කෝලේ වෙලාවක වාහන එළවගෙන එද්දි කොයි තරම් අක්‍රමවත්ද පාසල් රියැදුරන්ගේ වාහන එළවීම කියලා. උදාහරණයක් කියන්නම්. ගම්පහ ඉඳලා දූනගහට එන පාරේ තමයි මේක අපි දැක්කේ. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අසල වාහන කිහිපයක්, සිරිකුරුස විද්‍යාලය පැත්තෙන් ආපු වාහන, ඒ වගේම යශෝධරා විද්‍යාලය ගාවින් ආපු වාහන. මේ සියලු වාහන කිසිම කමකට නැතුව පාරට දාලා, එහෙන් මෙහෙන් වෙට්ටු දාලා, පුළුවන් තරම් වේගෙන් යන්න හැදුවා මිසක්, කිසි කෙනෙක් විනයගරුකව පාරේ ගියේ නැහැ. එහෙම ගියපු අයත් ඇති. එහෙම ගියපු අය සමාවෙන්න ඕනේ මෙහෙම කියද්දි. අපි නම් ගම් කියන්න දන්නේ නැහැ. පාරේ ආපු වාහන අතළොස්සක්, වාහන යම් ප්‍රමාණයක් ඒ විදිහට ගියා. අපි දැක්ක ප්‍රමාණය. අපි වාහන ඔක්කොම දැක්කේ නැහැනේ. ඒ නිසා අපිට හැමෝටම චෝදනා කරන්න බැහැ. හැබැයි, මේකත් වළක්වන්න ඕනේ. මොකද පාසල් වෑන් රථ රියැදුරෝ මීට වඩා විනයගරුක වෙන්න ඕනේ සහ පාසල් වෑන් රථ විදිහට යොදාගන්න වෑන් රථවල ගුණාත්මක බව ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

සමහර වාහන තියෙනවා, ඒවා ස්කූල් වෑන්වලට විතරයි දුවන්න පුළුවන්, වෙන කිසි දේකට ගන්න බැරි හින්දා ස්කූල් වෑන්වලට දාපුවා. ඒවාට පොඩි අනතුරක් වුණොත් විශාල මරණ ප්‍රමාණයක් සිද්ධ වෙන්න පුළුවන්. පාසල් දරුවාගේ වගකීම ගන්න බැරි ලංගමක්, පාසල් දරුවාගේ වගකීම ගන්න බැරි මාර්ගස්ථ මගී ප්‍රවාහනයක් ලංකාවේ තියෙන නිසා මේ ප්‍රශ්න වළක්වන්න බැහැ. හැබැයි, කොහොම වුණත්, ඇමැතිතුමාලා, මන්ත්‍රීතුමාලා, කවුරු හරි කෙනෙක් ඇස් කන් පේන කෙනෙක් මේ ලිපිය බලලා පින් සිද්ධ වෙයි පුළුවන් නම්, මේ ටිපර් මාෆියාවට වැට බඳින්න. මේ ටිපර් මාෆියාව තවදුරටත් මේ විදිහට ගියොත්, ටිපර් නිසා සිද්ධ වෙන මරණ ප්‍රමාණය කොච්චර ප්‍රමාණයක් වෙයිද කියලා කියන්න බැහැ. සමහර විට ටිපර් නිසා මියයන ප්‍රමාණය යුද්ධය නිසා මියගිය ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ටිපර්වලට නම් වැට බැඳිය යුතුමයි, තීන්දු ගත යුතුමයි, තීරණගත යුතුමයි.

මේ ලිපිය කියවපු කෙනෙක් ඉන්නවා නම් පාර්ලිමේන්තුවේ ගිහිල්ලා කතාකරන්න මේ ගැන. ටිපර් කියන්නේ ත්‍රස්තවාදයක්. මේ ත්‍රස්තවාදය මිනිස්සු මරනවා. මේ ත්‍රස්තවාදය මිනිස්සුන්ට අනතුරු කරනවා. මේ ත්‍රස්තවාදය තමන්ට ඕනෙ විදිහට, හරියටම මාෆියා කල්ලියක් වගේ මහා පාරේ චණ්ඩි වගේ වැඩ දානවා. මේ මිනිස්සුන්ව පාලනය කරන්න අපිට බැහැ. මේ මිනිස්සුන්ව පාලනය කරන්න දේශපාලනික වශයෙන් නීතිරීති ගේන්න. අඩුම තරමේ ට්‍රැෆික් පොලිසියටවත් මේ මිනිස්සුන්ව පාලනය කරන්න පුළුවන් මට්ටමක නැහැ කියලා අපිට හිතෙන්නේ.

මෙහෙම ගියොත්, මහා ජනතාව, ගමේ රටේ මිනිස්සු බලය අතට ගනීවි. එහෙම වුණොත්, ටිපර් නවත්තලා, ටිපර් රියැදුරන්ගේ ඔළු පළන දවස වැඩි ඈතක නෙමෙයි කියලා අපි කියන්නේ. හැබැයි, අපි කියන දේවල් බලාගෙන මිනිස්සු ඒවා කළොත් අපිට කරන්න දේකුත් නැහැ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මොන සද්දය දැම්මත් ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගන්නේ නෑ! Sri Lanka Latest News

Next Post

ඇයි? රනිල් විතරද? මේ ජනාධිපතිලා හිරේ ගිය හැටි දන්නවද? Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.