නව පොලිස්පතිවරයෙකු පත් කිරීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.Sri Lanka Latest News
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව සඳහන් කළේ , පොලිස්පති සි.ඩි වික්‍රමරත්න මහතාට ලබා දී තිබු සති තුනක සේවා දිගුව අවසන් වීමත් සමග ගන්නා ඉදිරි පියවර පිළිබඳ නිවුස් ෆස්ට් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.
මේ අතර නව පොලිස්පතිවරයෙකු පත්කිරිම සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නමක් එවා නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ ය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 09 වැනිදා රැස්වීමට නියමිතයි
වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්ක මහතාට සේවා දිගු තුනක් ලබාදී තිබුණි.
ඒ මාස 3 බැගින් අවස්ථා දෙකක් හා සති තුනක සේවා දිගුවක් ලෙසයි.
පසුගියදා තවත් සති 3 කින් ඔහුගේ සේවා කාලය දීර්ඝ කිරීමට ජනාධිපතිතුමා ව්‍යවස්ථා දායක සභාව වෙතින් ඉල්ලීමක් කර තිබුණි.
එහිදි ව්‍යවස්ථා දායක සභාව ප්‍රකාශ කළේ, පොලිස්පතිවරයාට සේවා දිගු ලබා දීමට තම සභාවේ අවසරයක් අවශ්‍ය නොමැති බවයි. -නිව්ස් ෆස්ට්










