ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින් රැසක් මේ වනවිට කොළඹ පදනම් ආයතනයට රැස්ව සිටී.Sri Lanka Latest News
එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද එක්ව ඇත.
නිදහස් පක්ෂය තුළ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අද (08) උදෑසන 10ට දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා තිබිණි.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබේ.
කෙසේවෙතත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමට, තීරණයක් ගැනීමට හෝ ඉල්ලීමක් කිරීමට කිසිදු අයිතිවාසිකමක් හෝ බලයක් නොමැති බව නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය.










