ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
නුවරඑළිය දිශාව භාර නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.බී.ජේ.එස්. චන්ද්‍රසේකර බණ්ඩාර මහතා සර්ව ආගමික ආශිර්වාදය හා පොලිස් උත්තමාචාර මැද වැඩ භාර ගැනීම අද (02) උදෑසන 09.15 යෙදුනු සුභ මොහොතෙන් නුවරඑළිය පොලිස් අධිකාරී කාර්යාලයේදී පැවැත්විණ ,Sri Lanka Latest News
නුවරඑළිය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර හක්මන මහතා මහනුවර දිසාව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාරයා වශයෙන් ස්ථාන මාරුව ලබා යෑමෙන් අනතුරුව පුරප්පාඩු වූ නුවරඑළිය දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර සදහා කොළඹ පොලිස් මූලස්ථානයේ විනය හා කල් ක්‍රියා කොට්ඨාස අධ්‍යක්ෂක තනතුරේ සිට ජී.බී.ජේ.එස්. චන්ද්‍රසේකර මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටිය යටතේ පොලිස් කොමිසම විසින් පත්කර ඇත ,
නුවරඑළිය දිසාව භාර නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ වැඩ භාර ගැනීමේ කෙටි උත්සවය සදහා සහකාර පොලිස් අධ්‍යක්ෂක 01 චන්දන බස්නායක සහකාර පොලිස් අධ්‍යක්ෂක 02 කේ.එල්.සි නිශාන්ත නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි ස්ථානාධිපතිවරුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පොලිස් පරීක්ෂකවරුන් උප පොලිස් පරීක්ෂකවරුන් ඇතුලු පොලිස් නිලධාරින් රැසක් සහ ආයතනික නිලධාරින් රැසක් සහභාගී වී සිටියහ .























