නව අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම පසුගිය සතියේ සිදුකෙරුණු නමුත් ඒ ඒ අමාත්‍යාංශවල විෂය පථය සහ කාර්යයන් මෙතෙක් ගැසට් කර නොමැති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් නව අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ඔවුන්ගේ විෂයයන් සහ කාර්යයන් පිළිබඳව අවබෝධයක් නොමැති බව දැනගන්නට ඇති අතර අමාත්‍යවරුන්ට මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන්ට ද තම අමාත්‍යාංශවල කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය හේතුවෙන් ගත් ඇතැම් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමට සිදුවූ බව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කළහ.
අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් විමසීමක් කළ අතර එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ එම ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.









