ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහතා හෙට (2) ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.Sri Lanka Latest News
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා ඇයගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරනු ලැබුවා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු
ප්‍රනාන්දු විනිසුරුවරිය 2018 මාර්තු 9 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන ලදී. ඒ වන විට ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියාය. ප්‍රනාන්දු මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වේ.
මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ප්‍රනාන්දු විනිසුරුවරිය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබා ගත්තාය. ඇය රජයේ නීතිඥවරියක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී වසර 30කට වැඩි කාලයක් එහි සේවය කළාය.










