සර්වජන බලය සමග සන්ධානගතව සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා යළි පොහොට්ටුවට එක්කර ගැනීමට සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News
මෙම සාකච්ඡාවන්ට පොහොට්ටුව පැත්තෙන් සහභාගි වී ඇත්තේ රාජපක්ෂ පවුලේ ඥාතියකු වන අතර, පසුගිය සති කිහිපයේ මෙම පුද්ගලයා විමල් වීරවංශ මහතා සමග සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති බවත් වාර්තා වේ.
එම සාකච්ඡාවලදී කෝටිපති ව්යාපාරික ධම්මික පෙරේරා මහතා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළහොත් ඔහුට සහාය දැක්වීම සඳහා විමල් වීරවංශ මහතා විසින් කොන්දේසි කිහිපයක්ද ඉදිරිපත් කර ඇති බවත් දැනගන්නට ඇත.