මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ කළුතර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය ඇතුළු විහාරත්‍රයාධිපති අතිපූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නාහිමිපාණන් වහන්සේ ඊයේ (12) බැහැදැක ආශීර්වාද ලබාගැනීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා කටයුතු කළේය.Sri Lanka Latest News
වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය, වාද්දුව ශ්‍රී සමුද්‍රාරාම සිරිමහ මිහිඳු පිරිවෙන සහ රද්දේගොඩ සුධර්මාරාමය යන විහාරස්ථානයන්හි අධිපතිත්වය දරන නාහිමිපාණන් වහන්සේ, ප්‍රදේශයේ ශාසනික, අධ්‍යාපනික හා සමාජීය පුනරුදය වෙනුවෙන් දශක ගණනාවක සිට අමිල මෙහෙවරක් ඉටුකරන යතිවරයාණන් වහන්සේ නමකි. විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකු ද වන උන්වහන්සේ, ගුණගරුක දරු පරපුරක් බිහි කිරීම උදෙසා කළ මෙහෙවර ද මෙහිදී සිහිපත් කෙරිණි.
වත්මන් සමාජ අභියෝග හමුවේ ආගමික මගපෙන්වීමේ ඇති වැදගත්කම පිළිබඳව ද උන්වහන්සේ මෙහිදී කෙටි අනුශාසනාවක් පැවැත්වූහ.










