හිටපු පරිසර අමාත්‍ය හාපීස් නසීර් අහමඩ් ගේ එරාවුර් පක්ෂ කාර්යාලය කිසියම් කලහකාරී පිරිසක් විසින් අද (11) උදැසන ගිනි තබා විනාශ කර ඇතැයි එරාවූර් පොලීසිය කියයි.
එම කලහකාරී පිරිස් මන්ත්‍රීවරයාගේ සහෝදරයාට අයත් එරාවූර් හි ‘ලුතර් ගාමන්ට්’ නමැති ඇඟලුම් කම්හල් දෙකක් ද හා ප්‍රදේශයේ ප්‍රකට ‘මීට් ඊට්’ (Meet & Eat )ආපන ශාලාවටද ගල් මුල් ප්‍රහාර එල්ලකර අලාභ හානි කර ඇතැයි පොලීසිය කියයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හාපීස් නසීර් අහමඩ් පසුගියදා ආණ්ඩු පක්ෂයට එක්වී පරිසර අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නේය. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග මේවනවිට නසීර් අහමඩ් ගේ අමාත්‍ය ධුරය අහෝසි වී ඇත.










